ඉස්ලාමීය සමාජය තුළ යම් පිරිසක් දුර් මාර්ගය තෝරාගැනීමටත් ඒ මග ගොස් මහා ව්‍යසනයන් සිදුකිරීමටත් එක් ප්‍රදාන හේතුවක් ඇත. ඒ ඔවුන් තුළ වූ දේව විශ්වාසය, දෙවියන් කෙරෙහි වූ භක්තිය සහ ඉස්ලාමය වෙනුවෙන් ජීවත්විය යුතුයැයි ඔවුන් තුළ තිබෙන දැඩි අධිෂ්ඨානයේ තරමට ම ඔවුන් තුළ ෂරීයාව පිලිබඳ දැනුමක් නොමැති වීමයි.
මේ හේතුවෙන් ඔවුන් ලෝකයා ඉදිරියේ ඉස්ලාමය පිලිබඳ විකෘති චිත්‍රයක් මැවීමටත් ආගමේ නාමයෙන් මහා විනාශයන් සිදුකිරීමටත් සමත්ව සිටිති.
ඉස්ලාම් ඉතිහාසයේ බිහිවූ "කවාරිජ්" වරුන් මෙයට කදිම නිදසුනකි. ඔවුන් ඉස්ලාමයේ සතරවන කාලිෆ්වරයා වූ අලී රලියල්ලාහු අන්හු තුමා පත් කල "මජ්ලිසුස් තහ්කීම්" යනුවෙන් හැඳින්වෙන සමත මණ්ඩලයේ සාමුහික තීරණ පිලි නොගනිමින් රාජ්‍ය තුළ කලබල ඇති කරමින් ඉස්ලාම් රාජ්‍යයේ නායකයා වූ අලී තුමාවම ඝාතනය කිරීමට තරම් කෘර වූහ.
මොවුන් පිලිබඳ මුහම්මද් (සල්) තුමා මෙසේ අනාවැකි පල කලහ.
"සහාබාවරුනි (මිත්‍රයිනි) ඔබ ඔවුන්ගේ නැමදුම් දෙස බලා ඔබගේ නැමදුම ගැන ද, ඔවුන්ගේ උපවාසය දෙස බලා ඔබගේ උපවාසය ද, ඔවුන් සිදුකරන පුන්‍ය කටයුතු දෙස බලා ඔබගේ පුන්‍ය කර්ම ද ඉතා අල්ප හා නොවැදගත් බවට ඔබ සිතාවි. (එනම්, ඔවුන්ගේ ආගමික භක්තිය ඔබගේ භක්තිය ට වඩා ඉතා උසස් බවට සිතාවි) නමුත් ඔවුන් කුරාණය පාරායණය කරණ නමුත් එය ඔවුන්ගේ උගුර දණ්ඩෙන් එහා නොයයි. ඊතලයක් දුන්නෙත් පිටවන ආකාරයට ඔවුන් ඉස්ලාමයෙන් දුරස් වී ඉවත යයි" යනුවෙන් පැවසූහ. (ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම්)
තමන්ගේ ආගම පිළිබඳ ඔවුන් ට තිබූ මහත් භක්තිය සහ දැඩි විශ්වාසයේ තරමට ඔවුන් ට ෂරීයාව හෝ ආගමික සංකල්ප ගැන දැනුම, අවබෝධය අල්ප විය. ඒ නිසා ඔවුන් කුරාණයට වැරදි අර්ථ කථන දෙමින් ඉස්ලාමීය ඉතිහාසය තුළ මහා කලු පැල්ලමක් ඉතිරි කලහ.
නූතන ඉස්ලාමීය සමාජයේ ද මෙවැනි කවාරිජ්වරුන් සිටිති. මහා භක්තිවන්ත මුස්ලිම්වරු වන මොවුන් ඉස්ලාමය ට සිදුකරන හානිය සුලුපටු නොවේ.
මේ සම්බන්ධයෙන් නූතන ඉස්ලාමීය විද්වතෙකු වූ ෂෛක් අල් ගස්සාලි තුමා මෙසේ පැවසීය,
"ඉස්ලාමය විත්ති කූඩුවට නංවා ඇත. එනමුත් සාධාරණය ඇත්තේ ඉස්ලාමය පැත්තේය. නමුත් අවාසනාවකට එය වැඩ බැරි අදක්ෂ පෙරකදෝරුවන්ගේ අතට පත්වී ඇත. ඔවුන් වචනයක් හෝ කතා නොකර නිශ්ශබ්දව සිටී නම් කෙතරම් අගනේ ද ?"
Labels
- English Post (27)
- Health & Medicine (8)
- History (33)
- Masjids (10)
- Organisations (1)
- Personalities (7)
- Quran & Sunnah (6)
- Sri Lankan Muslims (29)
- குடும்பம் (2)
- தமிழ் Post (28)
- பெண்கள் (5)
- பெற்றோர் (2)
- සිංහල Post (8)
Subscribe to:
Post Comments (Atom)
இலங்கையின் இளம் ஆளுமை ரஸ்னி ராஸிக்கின் அர்ப்பணிப்புகள் பற்றி ஒரு பார்வை..
2017ஆம் ஆண்டுக்கான இலங்கையின் மதிப்புமிக்க 10 இளம் நபர்களுள் ஒருவராக தெரிவு செய்யப்பட்டவர்தான் ரஸ்னி ராஸிக். குழந்தைகள் பராமரிப்பு உலக அமை...
-
A brief History of the Colombo Grand Mosque extracted and revised from an account written by MIL Muhammad Nuhman in 1959, an old boy of H...
-
Allaah Most High says in His holy Qur'an: If you avoid the major (part) of what you have been forbidden (to do), We will cancel out fo...
-
The Sultan Necklace and Earrings Origin of Name This modern version of a two-stranded pearl necklace interspersed with emeralds was desi...

No comments:
Post a Comment