Friday, February 8, 2019

වටලප්පන් ලාංකික මැලේවරු සේම සිංහල ජනතාව ද එහි ගැබ්වී ඇති ප්‍රණීත රසය හේතුවෙන් ඉතා ආශාවෙන් අනුභව කරන ජනප්‍රිය අතුරුපසකි

එය මැලේවරුන් විසින් අපට දායද කරන ලද ඔවුනට ආවේණික ප්‍රධාන අතුරුපසකි. 'සිර්කායා' (Srikaya or serikaya) යනුවෙන් මැලේ බසින් හැඳින්වෙන 'වටලප්පන්' යනුවෙන් අප දන්නා මෙම අතුරුපස වර්ගය 4 - 6 අතර පිරිසකට සරිලන සේ සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පහත සඳහන් වේ.

1. බිත්තර 12 ක්‌.

2. කුඩුකරන ලද පිරිසිදු හකුරු කෝප්ප 02 ක්‌ හෝ පිරිසිදු කිතුල් පැණි බෝතල් 1/2 ක්‌.

3. පොල්කිරි කෝප්ප 01 ක්‌.

4. සාදික්‌කා කුඩු තේ හැඳි 1/4 ක්‌.

5. බැද කුඩුකරන ලද කරදමුංගු, කරාබුනැටි සහ කුරුඳු ස්‌වල්පය බැගින්.

6. වැනිලා තේ හැඳි 1 1/2 ක්‌.

Watch our Video - 

Sri Lankan Famous Gems



සුදුසු බඳුනකට බිත්තර සුදුමද වෙන්කොට දමා මෘදු ලෙස හොඳින් ගසාගන්න. බිත්තර කහමද, හකුරු, පොල්කිරි එක්‌කොට බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍රකර ගන්න. එම මිශ්‍රණයට බිත්තර සුදුමද සාරය එක්‌කොට, කුළුබඩු වර්ග ද දමා හොඳින් මිශ්‍රකොට සුළු වේලාවක්‌ තබන්න. අනතුරුව ඊට වැනිලා ප්‍රමාණය ද එක්‌කරන්න. මෙකී මිශ්‍රණයෙන් සුසැදි පුඩිම ළිපේ තබා විනාඩි 45 ක්‌ පමණ තම්බාගන්න. එය නිවෙන්නට තබා පදමට සැකසුනු පුඩිම සුදුසු පිහියකින් තීරුවලට සලකුණු කරගන්න.

මෙය විශේෂයෙන්ම මැලේ ජාතික මුස්ලිම් භක්‌තිකයන් විසින් ඔවුන්ගේ ආගමික උත්සව අවස්‌ථාවන්හිදී අනිවාර්යයෙන්ම භාවිත කරන ප්‍රණීත ඉතා ජනප්‍රිය අතුරුපස වර්ගයකි. පසුගියදා පැවැත්වුණු වාර්ෂික රාමසාන් උත්සව අවස්‌ථාවේදී ද මැලේවරුන්ගේ ආහාර මේස සැරසූ ප්‍රධාන අතුරුපස වූයේ 'සිර්කායා' හෙවත් වටලප්පන් ය.



Like our Page - Sri Lankan Muslims


.Subscribe to our Channel - NAC

No comments:

Post a Comment

இலங்கையின் இளம் ஆளுமை ரஸ்னி ராஸிக்கின் அர்ப்பணிப்புகள் பற்றி ஒரு பார்வை..

2017ஆம் ஆண்டுக்கான இலங்கையின் மதிப்புமிக்க 10 இளம் நபர்களுள் ஒருவராக தெரிவு செய்யப்பட்டவர்தான் ரஸ்னி ராஸிக். குழந்தைகள் பராமரிப்பு உலக அமை...