Saturday, February 9, 2019

ආගම (දෙපාර්ශවයම) නැති තැන විවිධ ඇඳුම් අඳින මිනිස්සුන්ගෙ මිනිස් කම මතුවෙනව ....

මේක උනේ ඊයේ හවස 4.10 විතර.ඊයේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයට මගේ බිරිඳත් සුදුසුකම් ලබලා තිබුන නිසා මාත් ගියා. පත්වීම් ගන්න අයට ශාලාවේ ඇතුලෙත් ගෙවල් වලින් ආපු අයට එළියේ පොඩි හට්‌ එකකුත් තිබ්බා.උත්සවය පටන් ගන්නකොටම ඉඩ මදි නිසා මම වගේම ගොඩක් මිනිස්සු එළියේ ඉන්නකොට ජාතික ගීය වාදනය කරන්න පටන් ගත්තා. ඔක්කොම සීරුවෙන්.එකපාරටම මහා වැස්සක් ආවා. සෙට් එකක් හෝල් එක ඇතුලට පැන්නා (මමත් එක්කම). අනිත් අය එළියේ පොඩි හට්‌ එකට පැන්නා.ආයෙමත් මම සීරුවෙන් ඉන්න හදනකොට තමයි මේක දැක්කේ.

සිංහලෙන් යන ජාතික ගීයට ඇය වැස්සේ තෙමි තෙමී සීරුවෙන් ඉන්නවා…

(ෆොටෝ එක ගත්තෙත් මම. වීඩියෝ කරේ නැත්තේ හරි මදි නිසා.අහන් නැතිව ෆොටෝ එක දැම්මට සොරි.)
(Facebook උපුටා ගැනීම අවසන් )

No comments:

Post a Comment

இலங்கையின் இளம் ஆளுமை ரஸ்னி ராஸிக்கின் அர்ப்பணிப்புகள் பற்றி ஒரு பார்வை..

2017ஆம் ஆண்டுக்கான இலங்கையின் மதிப்புமிக்க 10 இளம் நபர்களுள் ஒருவராக தெரிவு செய்யப்பட்டவர்தான் ரஸ்னி ராஸிக். குழந்தைகள் பராமரிப்பு உலக அமை...