Friday, February 8, 2019

රාවය පුවත් පතේ පළ වු මුස්ලිම්වරුන්ගේ මලගෙදරක සරල බව...

සරල පන්නයේ ඉළව් ගෙයක අත්දැකීමක් ලද් දෙමි. 

පැය විසි හතරක් යන්නටත් මත්තෙන් සියල්ල අවසන්ව මෘත කළේබරය මිහිදන් විය.


නිදි මැරිලි, බූරුවා ගැහිලි, කැරම් බෝඞ්, අහලකටවත් වද්දා ගැනීමක් නොවුණි.

සහභාගිත්වයේ අඩුව ඇරුණු කොට කිසි අඩුවක් නැත.

Watch our Video -  Makkah in 2020, Insha Allah

මා මිත්‍රයාට අනුව එය සිය පියාගේ කැමැත්තය.

සිය කැමැත්ත වුව අමරදේවයන්ට සිදු නොවීම අභාග්‍යයකි.

එය වෙනම කරුණකි. ඒ කතාබහ අතර සැමගේ පොදු නිගමනය වූයේ ඉස්ලාම් ක්‍රමයට වත්පිළිවෙත් පිළිපැදීම කාලෝචිතම ක්‍රමය බවය.

සැබැවින්ම බලන කල ඉස්ලාම් පෙන්වා දෙන භූමදාන කටයුතු සියල්ලන්ටම පහසුවෙන් කළ හැකිය.

මඟුල් ගෙදරක් තරම් වියදම් යන ඇතැම් අවමඟුල් ගෙවල් දෙස බලද්දී ඉස්ලාම් ක්‍රමය අල්පේච්ඡය.

මුසල්මානු මිත්‍රයෙකු මළගෙදර සාමාජිකයකු වීම හරහාම මේ කතාබතා තවත් ආලෝක විය.

ඔහු දන්නා ලෙස ඉස්ලාමය පෙන්වා දෙනුයේ භූමදානය යනු ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් බවය.

ඔවුන්ට අනුව කෙනකුගේ භූමදානය සිදු කිරීම පවා පුණ්‍ය කටයුත්තකි.

යම් අයෙකුගේ මරණයක් සිදු වූ විට එය භූමදානය කිරීම ගමක සිටින සෑම මුස්ලිම්වරයකු වෙනුවෙන්ම අනිවාර්ය කටයුත්තකි.

එය යම්කිසි පිරිසක් විසින් ඉටුකරනු ලැබුවේ නම් එවිට ගමේ වෙසෙන සියල්ලන් එම වගකීමෙන් මිදෙනු ඇත. එසේ නම් සාමුහික ක්‍රියාවලියක් එහි ඇත.

සිංහලයන් ලෙස පළාතෙන් පළාතට විවිධ අවමඟුල් වත්පිළිවෙත් අනුගමනය කළද මුස්ලිම්වරුන් කොයිදිග් භාගයේ සිටියද එය ඉටු කරනු ලබන ආකාරය එකය.

දුගියාට මෙන්ම රජාටද එම නියමය පොදුය.
එයම අගනේය.

මන්ද අවසාන මොහොතේ මිනිසකු ලෙස ලබන බුහුමන එකක්ම වන නිසාය.

උස්පහත්කම් වත් පොහොසත්කම් අත්හළ විට අවසානයේ ඉතිරිව ඇත්තේ නිරුද්ධ සිරුරකි.

එයට මරණින් පසු අත්විය යුතු වටිනාකම එකක්ම නම් එය මිනිස් සිරුරකට දෙන උසස්ම බුහුමන නොවේද?

කොයි ආගමේ වුව වටිනා දෙයක් වේ නම් කාට වුව වටිනාකම් දෙන්නේය.

Watch our Video  

මරණයේ අවසන් කටයුතු පිළිබඳ සාකච්ඡාව වූයේ එබැවිනි.

මුස්ලිම් මිතුරු කතානායකයා වූ මුත් සෙසු සියල්ලෝම ඊට හරස් නොවූහ.

‘අපේ ආගමේ මරණයට පසු ඉටුකරන ක්‍රියාවලියට කියන්නේ ජනාසාවක්.

ඒක ඇති නැති සියල්ලටම එක සමානයි.

ඒ අනුව ඔවුන්ට අයත් වන්නේ නොමැසූ සුදු රෙදිකඩ කිහිපයක් සහ මිනීවළ පමණයි.

මල්වඩම් සහ විදි සැරසිලි කරන්නේ නෑ.

ඒ වගේම මුස්ලිම් අයකු මියගියාම විශාල කාලයක් නිවසේ තබාගන්නේ නැහැ.

එම මරණය වහාම භූමදානය සඳහා සූදානම් කළ යුතුයි.

ඒ අනුව එම්බාම් කිරීම තහනම්.

එපමණක් නෙවෙයි කිසිම සිරුරකට සීරීමක්වත් නොකළ යුතුයි.

නිකමට හරි එහෙම දෙයක් වුණොත් එය අපි සලකන්නේ ඔහු ජීවතුන් අතර සිටියදී කළ හිංසනයකට සමාන ලෙසයි.

ඒ නිසා විශේෂිතම හේතුවකට හැර මිනිය කැපීමකට භාජනය කළ නොහැකියි.’

මෙය සිංහලයකුගේ කැමැත්ත නොවිය හැකිය.

එහෙත් තවත් ආගමක වත්පිළිවෙතක් හඳුනාගැනීම වරදක්ද නොවිය හැකිය.

මුස්ලිම්වරයකුගේ මරණය වූ පසු ඔවුන්ද ඥාතීන්ට සහ හිතමිතුරන්ට දැනුම් දීම කරනු ලැබේ.
එය කාගෙත් පොදු දෙයකි.

ඉන්පසු දේහය භූමදානයට පෙර ජලයෙන් නාවනු ලැබේ.

පසුව සුදු රෙදිකඩ තුනකින් ඔතනු ලැබේ.

සෑම දේහයක් සඳහාම දේව මෙහෙයක් සිදු කරනු ලැබේ.

එම දේහය සඳහා අල්ලාගෙන් ප්‍රාර්ථනා කරනු ලැබේ.

මෙය සාමුහිකව සිදුකරනු ලබන සලාතයක් මඟින් සිදු කෙරෙයි.

ජනාසාවක් (මරණයක්) භූමදානය කිරීම සඳහා තම ඥාතීන් සහ හිතමිතුරන් විසින් දෑතින් ඔසවා ගෙන යෑම සාමාන්‍ය ක්‍රමය වුවත් සුසාන භූමිය නිවසින් ඉතා දුරක පිහිටා ඇත්නම් ජනාසාව වාහනයකින් රැගෙන යා හැකිය.

මේ සඳහා සාමාන්‍ය ට්‍රක් රථයක් යොදාගැනේ.

ඉතිරිය වන විදියද අපූරුය.

මුස්ලිම්වරයකුගේ දේහය ආදාහනය කරන්නේ නැත.

එසේම කිසිවකුගේ සොහොන ස්ථිර බැමිවලින් බැඳීමක්ද නැත.

එම නිසාම ටික කලකින් එම ස්ථානයේ තව දේහයක් තැන්පත් කළ හැකිය.

මේ නිසා මුස්ලිම් දේවස්ථානවල ඉඩකඩ ප්‍රශ්නයද ප්‍රශ්නයක් නොවී ඇත.

තවත් සුවිශේෂීතාවක් නම් සුසාන භූමිය වෙත දේහය ගෙනයෑමේදී කාන්තාවන් සහභාගී නොවීමය.

එය තනිකරම පිරිමින් සතු කාර්යයකි.

දේව මෙහෙය ඉටුකළ පසු සොහොන් පිටිය දක්වා දේහය ගෙන යෑමේදී නිශ්ශබ්දතාව රැකීම මූලිකාංගයකි.

දේහය මිහිදන් කළ පසු එම දේහය සඳහා අල්ලාගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.

එය තනි තනිව සිදුකළ යුතුය.

ගුණ වැයීම් තහනම් වන නමුත් අවශ්‍ය වුවහොත් පැමිණ සිටින අය වෙනුවෙන් දෙසුමක් කිරීමේ හැකියාවද පවතින බව පැවසේ.

මුස්ලිම්වරුන්ගේ සොහොනක් වෙනුවෙන් ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම් තහනම්ය.

එසේ ස්ථිර සලකුණු හෝ පුවරු සවිකිරීමද වරදකි.

පොළොව මට්ටමට වඩා සොහොන මත පස් උස්සා තැබිය නොහැකිය.

බූරුවා, කැරම්, ඕමි නැති ඉළව් ගෙයක කතාබහ ගලාගියේ මරණය ගැනමය.

එයද අපූරුය.

අන් ආගමිකයන් අන් ජාතීන් සැබැවින්ම රටක අපූරු සංකලනයකි.

ඒ සංස්කෘතීන් වත්පිළිවෙත් බෙදාගැනීම වෙනම මානයන්ට දොරගුළු ඇරීමකි.

එයින් ඇතුළු වී එබිකම් කිරීම අපූරුය.

මන්ද සුළුවෙන් හෝ දෙයක් දැකිය හැකිය..

( සමීර රාජපක්‍ෂ )
රාවය පුවත් පතෙන් උපුටාගත් ලිපියකි...



Like our Page - Sri Lankan Muslims


.Subscribe to our Channel - NAC

No comments:

Post a Comment

இலங்கையின் இளம் ஆளுமை ரஸ்னி ராஸிக்கின் அர்ப்பணிப்புகள் பற்றி ஒரு பார்வை..

2017ஆம் ஆண்டுக்கான இலங்கையின் மதிப்புமிக்க 10 இளம் நபர்களுள் ஒருவராக தெரிவு செய்யப்பட்டவர்தான் ரஸ்னி ராஸிக். குழந்தைகள் பராமரிப்பு உலக அமை...