Saturday, February 9, 2019

ඉස්ලාම් දහම ඌරු මස් නොහොත් සූකර මාංශ ආහාරයට ගැනීම තහනම් කර තිබෙන්නේ ඇයි?

1. ඉස්ලාමය ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබීම සියල්ලන්ම දන්නා සත්‍යයකි. මෙම තහනම කුමක් නිසාද? යන්න පිළිබඳ ව පහත දැක්වෙන විස්තර මගින් පැහැදිලි ලෙස දැන ගත හැකි වේ.

ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබීම පිළිබඳ ව අල් කුර්ආනයේ අවම වශයෙන් පරිච්ඡේද හතරක සඳහන් වී තිබීමේ හේතුවෙන් මුස්ලිම්වරුන් ඌරු මස් ආහාරයට නොගනිති.

“ඉබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දේ ආදිය ඔහු ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා බකරා 2:173.

“ඉබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දෑ ආදිය තහනම් කර ඇත. ගෙල මිරිකනු ලැබු සතුන්, පහර දෙනු ලැබු සතුන්, (උස් තැනකින් සිට) පෙරළී වැටුණු සතුන් ආදියෙහි පණ පිටින් සිටින සතුන්ගෙන් ඔබ නිසියාකාර ව කැපු සතුන් හැර (වෙනත් සතුන් ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා මායිදා 5:3.

“ඉබේ මළ සතුන්, ගලන ලද රුධිරය, අපවිත්‍ර ඌරු මස් හා අල්ලාහ් නොව අයට කපන ලද පාපකාරි දේ (ආහාරය) මිස අන් කිසිවක් තහනම් කරන ලද බව මට දැනුම් දෙන ලද පුවතෙහි මම නුදුටුමි.” අල් කුර්ආන් සූරා අල් අනාම් 6:14

“ඔබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දේ ආදිය ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා අන් නහල් 16:115.

ඌරු මස් ආහාරයට ගැනීම නබි (සල්) තුමාණන් විසින් ද තහනම් කරනු ලැබ ඇත්තාහ.

“මක්කා ජයග්‍රහණය කරනු ලැබු වර්ෂයේ මත්පැන්, ස්වභාවිකවම මැරුණු සතුන්, ඌරු මස් මෙන්ම පිළිම අලෙවි කිරීම නබි (සල්) තුමාණන් තහනම් කළහ.” ජාබිර් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි 2236.

2. බයිබලයද ඌරු මස් තහනම් කරයි

ක්‍රිස්තියානුවන්ගේ ආගමික ග්‍රන්ථය වන බයිබලය සඳහන් කරන තහනම් පිළිබඳ ව ක්‍රිස්තියානුවන්ට ගෙන හැර දැක්වුවහොත් ඔවුන් ද එය දැන ගනීවි. මන්දයත් ඌරුමස් ආහාරයට ගැනීම තහනම් යැයි බයිබලයේ ද සඳහන් වී ඇත.

“ඌරා කුරය බෙදී වෙන්ව තිබෙන නමුත්, වමාරා නොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මාංස නොකල්ලා, උන්ගේ මළකුණු ස්පර්ශ නොකරන්නා, උන් නුඹලාට අපවිත්‍රය.” බයිබලයේ ලෙවීගේ කථා (Leviticus) හි 11 වන පරිච්ඡේදයේ 7වන වාක්‍යයේ සිට 8 වන වාක්‍යය දක්වා.

මේ ආකාරයෙන් ම බයිබලයේ වීතියේ කථාවේ (Deutronomy) හි 14 වන පරිච්ඡේයේ 8 වන වාක්‍යයද ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබීම පිළිබඳ ව අනාවරණය කරයි.

තවද බයිබලයේ යෙසායා - Book of Isaiyah හි 65 වන පරිච්ඡේයේ 2 වන වාක්‍යය සිට 5 වන වාක්‍යය දක්වා “හොඳ නැති මාර්ගයේ යන්නාවු ......... තහනම් ඌරු මස් ආහාරයට ගන්නා බව සඳහන් වී ඇත.”

3. ඌරු මස් අනුභව කිරීමෙන් විවිධ රෝග හට ගනී.

කුමන කරුණක් වුවද මුස්ලිම් නොවන අය මෙන්ම දෙවියෙකු නොමැති යැයි ප්‍රතික්‍ෂේප කරන්නන්ද අවබෝධ කර ගත යුත්තේ ඌරු මස් අනුභව කිරීම මගින් හැත්තෑ විද රෝග ඇති වන බවයි. ඌරු මස් ආහාරයට ගැනීම මගින් මිනිසාගේ උදරයේ වට පණුවන් - Round Worm ඉඳි කටු පණුවන් Pin worm කොකු පණුවන් Hook worm වැනි බඩවැල් පණුවන් ඇති වේ. ඌරු මස් කෑම නිසා මිනිසාගේ උදරයෙහි ඉතාමත් බිහිසුණු පටිපණුවන් (Tape worm) ඇති වේ. මෙම පටිපණුවන් මිනිසාගේ බඩවැලේ යටි ප්‍රදේශයේ රැඳෙති. උන් දමන බිත්තර රුධිර නාළ මගින් ශරීරයේ සියලුම ප්‍රදේශ වලට පැතිරෙයි. මෙම බිත්තර මිනිසාගේ මොළයට ගියහොත් මිනිසාට තම මතක ශක්තිය නැති වේ. මෙම බිත්තර මිනිසාගේ හදවත වෙත ගියහොත් මිනිසාට හෘදයාබාධ ඇති වේ. මෙම බිත්තර මිනිසාගේ ඇස් කරා ගියහොත් ඔහු අන්ධ බවට පත් වෙයි. මෙම බිත්තර මිනිසාගේ අක්මාව ඇතුළු වුවහොත් අක්මාව හානියට පත් වේ. පටිපණුවන්ගේ බිත්තර මගින් මිනිස් අවයව සියල්ලටම හානි සිදු කිරීමේ ශක්තිය ඇත.

ඌරු මස් වල ත්‍රිකූරා තිකුරාසිස් නමැති තවත් අනතුරු දායක බඩවැල්හි හට ගන්නා වු රෝග විශේෂයක් ඇත. ඌරු මස් හොඳින් තම්බා ගතහොත් මෙවැනි බිත්තර විනාශ වෙයි යන වැරදි මතයක් පොදුවේ ජනතාව අතර පවති. මේ පිළිබඳ ව පර්යේෂණයක් ඇමරිකාවේ සිදු කළ අවස්ථාවේදී විසි හතර දෙනෙකු ත්‍රිකූරා තිකුරාසිස් නමැති බඩවැලේ හට ගන්නා රෝගයෙන් පීඩාවට පත් වී සිටියහ. ඔවුන්ගෙන් විසිදෙනෙකු ඌරු මස් හොඳින් තම්බා ආහාරයට ගත් අය බව හඳුනා ගනු ලැබුහ. සාමාන්‍ය උෂ්ණත්වයෙන් උයනු ලබන ඌරු මස් වල තිබෙන පණුවන්ගේ බිත්තර විනාශ නොවන බව මෙකී පර්යේෂණය තහවුරු කළේය.

4. ශරීරය වඩන විටමින් ඌරු මස් වල තිබේ ද?.

ඌරු මස් වල කාය වර්ධනය සඳහා අවශ්‍ය විටමින් වලට වඩා මේදය අධික ව තිබේ. ඌරුමස් ආහාරයට ගැනීමෙන් මෙම මේදය මිනිස් රුධිර නාළිකාවන් හි තැන්පත් වීමෙන් රුධිර පීඩන රෝගය සහ හෘදයාබාධ හට ගැනේ. ඇමරිකා රට වැසියන්ගෙන් සීයයට 50ක ප්‍රතිශතයකට වඩා ජනතාව රුධිර පීඩනයට ලක් වීම විමතියට පත් විය යුතු කරුණක් නොවේ.

5. ඌරා ඉතාමත් අපවිත්‍ර සතෙකි.

පොළොවෙහි වෙසෙන සත්වයින් අතරින් ඉතාමත් අපවිත්‍ර සතා ඌරාය.ඌරා ගොඩේ සහ මඩේ සහ අසූචි වළේ ජීවත් වන සත්ව වර්ගයෙකි. දෙවියන්ගේ මැවුම් අතරින් ඉතාමත් කාර්යක්‍ෂම පවිත්‍ර කරන්නෙකු වන්නේ ඌරාය. දෙවියන් වහන්සේ ඌරා ව මැවු අරමුණ මේ සඳහා විය හැක. නවීන වැසිකිළි පහසුකම් නොමැති ග්‍රාමීය පෙදෙස් වල මිනිසුන් කැළෑ පෙදෙස් වල ද එළිමහනේද මළ මූත්‍රා කරති. මෙම අසූචි ශුද්ධ කරන්නේ ඌරාය.

ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල ඌරන් ඉතාමත් පිරිසිදු පරිසරයක ඇති කරනු ලබන බව ඇතැමුන් තර්ක කිරීමට ඉදිරිපත් විය හැක. කුමන ආකාරයේ පිරිසිදු පරිසරයක වුවද ඌරන් ගාල් කර වසා දමා තිබෙන්නේ එකටමයි. කොපමණ පිරිසිදු ව ඌරන් තබා ගෙන සිටියද, ඌරා ස්වභාවයෙන්ම අපිරිසිදුම සත්ව වර්ගයයි. තම අසුචි හා අන් අසූචිද කන එකම සතා ඌරාය.

6. ඌරා කිසිදු ලැජ්ජා බිය නොමැති සතෙකි.

මෙලොව ජීවත් වන සතුන් අතරින් කිසිදු ලැජ්ජා බිය නොමැති සත්වයා ඌරාය. අන් ඌරන්ට තම සහායිකාව සමඟ සංසර්ගයේ යෙදෙන්නට ආරාධනා කරන එකම සත්වයා ඌරය. බටහිර රටවල ජනතාව අතර බොහෝ දෙනෙක් ඌරු මස් ආහාරයට ගනිති. ඇමරිකවේ රාත්‍රි සාදය අවසන් වු පසු තමන් අතර භාර්යාවන් මාරු කර ගන්නා සිරිත ඇතැම් පිරිස් අනුගමනය කරති. මෙයට සම්බන්ධ වන සියලු දෙනාම දැනුවත් ව හා සිය කැමැත්තෙන් සහභාගි වන සිරිතකි. ඌරාගේ මාංශය අනුභව කරන්නෙක් ඌරෙක් මෙන් නොව වෙන කවරෙකු මෙන් හැසිරෙයි ද?

දකුණු ආසියානුවන් වන අපි ඇමරිකානුවන් ඉතාමත් දියුණු වූ අය වශයෙන් හා ඉතාමත් සංවර වූ අය වශයෙන් හිස මත තබා සමරන්නෙමු. ඔවුන් කුමක් කළත් එය අපි ද එලෙසින්ම අනගමනුය කරන්නෙමු. මෑතක දී මුම්බායි පෙදෙසේ නිකුත් කරනු ලබන “අයිලන්ඩ්“ නමැති මාසික සඟරාවේ පල කරන ලද ලිපිය භාර්යාවන් මාරු කර ගන්නා සිරිත මුම්බායි පෙදෙසේ සාමාන්‍ය දෙයක් යැයි මවිතයට පත් කරවන පුවතක් ඵල කරන ලදී. මිනිසුන් ඌරු මස් ආහාරයට නොගත යුතු යැයි ඉස්ලාම් තහනම් කර ඇත්තේ ඉහත සදහන් හේතුන් නිසාය. ඉස්ලාමයේ කිසිදු බල කිරීමක් නැත. එනිසා ඔබේම බිරිය, ඔබේ ආහාරය, ඔබේම මුදල, ඔබේම කැමැත්ත. ඔබ කැමති දැයක් කරගන්න.

No comments:

Post a Comment

இலங்கையின் இளம் ஆளுமை ரஸ்னி ராஸிக்கின் அர்ப்பணிப்புகள் பற்றி ஒரு பார்வை..

2017ஆம் ஆண்டுக்கான இலங்கையின் மதிப்புமிக்க 10 இளம் நபர்களுள் ஒருவராக தெரிவு செய்யப்பட்டவர்தான் ரஸ்னி ராஸிக். குழந்தைகள் பராமரிப்பு உலக அமை...