Saturday, February 9, 2019

කොතැනක බෝම්බයක් පිපිරේදැයි බියෙන් සැකෙන් හා අවිනිශ්චිතව ගෙවූ යුගය අවසන්ව වසර දහයක් ඉකුත්ව ගොසිණි.


කොතැනක බෝම්බයක් පිපිරේදැයි බියෙන් සැකෙන් හා අවිනිශ්චිතව ගෙවූ යුගය අවසන්ව වසර දහයක් ඉකුත්ව ගොසිණි.
ඒ වෙනුවෙන් දිවි පුදකළ ශරීරාංග කැපකළ රණවිරුවන් නොවන්නට තවමත් අපේ ජීවිත අවිනිශ්චිතය.

තරුණබවේ ජවය ශක්තිය එක්කර රුහිරු පුදකරන්නට තම දරුවන් පූජා කළ, දෙමාපියන්, සැමියන් පුදකළ බිරින්දෑවරු හා පියවරුන් පුදකළ දරුවන් උතුම් කොට සැලකිය යුතු පිරිසකි.
වසර තිහකට අධික කාලයක් තිස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකාද්වීපයට හා රටවැසියාට කළ හානිය අපමණ ය. එතැන් සිට පත් වූ සෑම රජයක් ම රුදුරු ත්‍රස්තවාදය තුරන් කිරීමට නොගත් උත්සාහයක් නැත.

මේ දිගරින්නේ අප අතරින් සමුගත් මැලේ ජාතික රණවිරුවන් දෙදෙනෙකු පිළිබදවය.

ලුතිනන් කර්නල් තුවාන් අහමඩ් පකීර්
(4 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)
(වඩමාරච්චි, පූර්ණභූමි සහ දේශපුත්‍ර පදක්‌කම)

එල්ටීටීඊ යේ රුදුරු ත්‍රස්‌තවාදී ප්‍රහාරයක තවත් ගොදුරක්‌ බවට පත්වූයේ 4 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල්, මැලේ ජාතික තුවාන් අහමඩ් පකීර් ය. 1965 සැප්තැම්බර් මස 18 වැනි දින මෝදර දී උපත ලැබූ අහමඩ් පකීර් මෝදර ඩිලාසාල් මධ්‍ය විද්‍යාලයේ සහ ඩිමෙන්සා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේය. හේ අධ්‍යාපනයෙහි සේම ක්‍රීඩාවෙහිද දස්‌කම් දැක්‌වූ සිසුවකු වූයේය.

පාසල් ජීවිතයෙන් සමුගත් හෙතෙම 1985 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බල සේනාවේ කැඩෙට්‌ ඒකකයට බැඳුණේය. වසරක යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1986 දී දෙවැනි ලුතිනන් පදවියට පත්වූ හේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 4 වැනි බලඇණියෙහි සේවයට අනුයුක්‌ත වූයේය. හෙතෙම තම බලඇණිය මෙහෙය වමින් උතුරු නැගෙනහිර පෙදෙස්‌වල ක්‍රියාන්විත රාජකාරියෙහි නිරත වූයේ සතුරන් හමුවේ අභීත ලෙස සටන් කරමිනි. දෙවැනි ලුතිනන්වරයකු ලෙස හමුදාවේ සේවය කළ කාල වකවානුවේ යුද හමුදාව විසින් දියත් කරන ලද වඩමාරච්චි, ජයශක්‌ති, හයිනයිටි 1 හා 2, බලවේග අකුණු පහර, වාලම්පුරි 1 හා 2, චතුරංග ශීඝ්‍ර පහර, සුමන බඹර චක්‍ර හා රිවිරැස ක්‍රියාන්විතයන් හිදී හේ අභීතව කැප වූයේය. ක්‍රියාන්විතයන්හිදී දැක්‌වූ කැපවීම සහ පළකළ වීරත්වය හේතුවෙන් 1988 දී ලුතින්න ධුරයට උසස්‌ වූ හේ නොබෝ කලකින් එනම් 1990 දී කපිතාන් නිලයට පත්වූයේය.

තම හමුදා සේවය තුළ විදේශයන්හි ලැබූ පුහුණුවෙන් පෝෂිතව පළකළ දස්‌කම් හේතුවෙන් හේ වඩමාරච්චි, පූර්ණභූමි සහ දේශපුත්‍ර පදක්‌කම්වලින් අගය කරනු ලැබුවේය. තම බලඇණිය මෙහෙයවමින් පේදුරුතුඩුව පෙදෙසේ රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්‌තවාදී ප්‍රහාරයකට ගොදුරුව 1996 ජුලි මස 27 වැනි දින මියයන විට හේ 31 වැනි වියේ පසුවිය. වසර 11 ක තම කෙටි සේවා කාලය මුළුමනින්ම එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්හට එරෙහිව ක්‍රියාන්විතයන් සඳහා කැපකොට, තුරුණු විය ඉක්‌මවන්නට පෙර ජීවිතයෙන් සමුගත් තුවාන් අහමඩ් පකීර් මියයැමෙන් පසු ලුතිනන් කර්නල් පදවියට උසස්‌ කරනු ලැබුවේය.

---------------------------
ඇලන් මුස්තෆා අහමඩ් පකීර්.
(ගුවන් යානා නියමු)
(රණශූර පදක්කම)

ගුවන් යානා නියමුවෙකු ලෙස කටයුතු කරමින් සිටි තවත් අහමඩ් කෙනෙකුට ක්‍රියාන්විතයට ඇරයුම් ලැබුණේ මේ අතරතුරය. උතුරට සැපයුම් මාර්ග අවහිරවී තිබුණි. තවත් යානාවන් හෝ නියමුවන් අහිමි කරගැනීම අපට අවාසිදායකය. නමුත් උතුරේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ගුවන් හමුදාව දායක විය යුතුව තිබුණි.
"මම MI 17ක් අරගෙන යන්නම්" කියා ඉදිරිපත් වු ඒ ආදරණීය සහෝදරයා නමින් ඇලන් මුස්තෆා අහමඩ් පකීර් විය.ඇලන්ට යුද්ධයවත්,ඉදිරිපත්වීම වත් අලුත් දෙයක් නොවූයේ ඔහුගේ සීයාත්,පියාත්,සහෝදරවරුන් සියළු දෙනාත් ඒ වනවිටත් හමුදා සේවයට හෝ ආරකෂක සේවයට අමුත්තන් නොවූ නිසාය.
නමුත් ඇලන් ගෙන ගිය එම් අයි 17 යානයත් අතුරුදහන් විය.තවත් සෙබලුන් 39ක් සමගම අතුරුදහන් විය.. එක්දහස් නවසිය අනූ හයේ ජනවාරි 22 දා හදිසියේ යානය රේඩාර් වලින් නොපෙනී යන්නට විය.

ඇලන් ඒ වන විට තමාගේ ඇවැස්ස නෑනා සමග පෙමින් වෙලී සිටියේය.
විවාහය සඳහා සියල්ල සූදානම් වී තිබුණි.අනාගතය ගැන,විවාහය ගැන ඔබත් මමත් දකින සිහින දකිමින් උන්නේය.ඇලන් ගේ මව මුදානොගත් ප්‍රදේශවලට ගොස් ඇලන් ගැන සොයන්නට තරම් දිරිය කතක් වුවාය. එසේ නොවන්නේ කෙසේද..ඇය දැයට දිරිය දරුවන් උරුම කළ මවකි.ඇලන් ත්‍රස්ථවාදීන්ට හසුවුණාද? නැතිනම් ඔහුගේ මළ සිරිරවත් දුටුවාදැයි රේඩාර් වලින් යානය නොපෙනී ගිය ප්‍රදේශවල මිනිසුන් ගෙන් අසමින් ඇය ඇලන් ගැන හෝඩුවාවක් සොයන්නට විය.නමුත් ඇලන් අතුරුදහන් විය..ඒ අතුරුදහන් වීම සදහටම වූ අතුරුදහන් වීමක් බව තහවුරු කළේ දෙදහස් නවයේ හමුදාව සොයාගත් මිසයිල විදිනයන් වලින් එකක දිනය,ස්ථානය සහ ඇලන් ගෙන ගිය යානයේ විස්තර සඳහන් විමය.

වාර්ශිකව කොල්ලුපිටිය ඉස්ලාම් දේවස්ථානයේ ඇලන් වගේම ගුවන් හමුදාවේ රට වෙනුවෙන් දිවිදුන් මැලේ මුස්ලිම් විරුවන් සිහිකිරීමට ගුවන් හමුදාව අමතක කළේ නැත.ඇලන් අහමඩ්ට රණශූර පදක්කම පිරිනැමූහ.ඇලන් ගේ මවට මම කථාකලේ මේ ඇලන් ගේ කථාව මට අසන්නට ලැබුණේ අහම්බෙන් නිසාවෙනි.මා කථාකලෙමි...දීර්ග ලෙස කථාකළෙමි. අපේ මුළු පවුලම රට මවුබිම වෙනුවෙන් සේවය කරපු පවුලක් පුතා. මා විමතියට පත් වුනෙමි.ඇය මට පුදුම දිරියක් දෙන ලෙස කථා කලාය.ඇය ඇලන් අහමඩ් මුස්තෆා පකීර් නම් වූ රණ ශූරයා ගැන ආඩම්භර වූවාය.රණ ශූර මැලේ තරුණයන් ගැන මේ රටේ තරුණයන් කීයෙන් කීදෙනාද අසා තිබෙන්නේ?
"මගේ දරුවා දිවි පුදා ඇත්තේ හොඳ මිනිසුන් වෙනුවෙනි.මගේ දරුවා දිවි පුදා ඇත්තේ කළගුණ දත් මිනිසුන් වෙනුවෙනි" අම්මාට එහෙම හිතේවි...ඒ ටික හොඳටෝම ඇති වේවි ඒ අම්මා,අප්පලාට තමන් ගේ පුතා මතක් වෙන සෑම මොහොතකම ඒ දුක තුනී කරන්නට.

ජීවිතය දුන්, ශරීරාංග කැපකළ විරුවනි ඔබ නොවන්නට ශ්‍රී ලංකා මාතාව අදද යුද බියෙන් ඇළලී ගිය අරාජික රටකි. සාමය උදාකළ ඔබ සදා අමරණීයයි...

No comments:

Post a Comment

இலங்கையின் இளம் ஆளுமை ரஸ்னி ராஸிக்கின் அர்ப்பணிப்புகள் பற்றி ஒரு பார்வை..

2017ஆம் ஆண்டுக்கான இலங்கையின் மதிப்புமிக்க 10 இளம் நபர்களுள் ஒருவராக தெரிவு செய்யப்பட்டவர்தான் ரஸ்னி ராஸிக். குழந்தைகள் பராமரிப்பு உலக அமை...