Showing posts with label සිංහල Post. Show all posts
Showing posts with label සිංහල Post. Show all posts

Saturday, February 9, 2019

ඉස්ලාම් දහම ඌරු මස් නොහොත් සූකර මාංශ ආහාරයට ගැනීම තහනම් කර තිබෙන්නේ ඇයි?

1. ඉස්ලාමය ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබීම සියල්ලන්ම දන්නා සත්‍යයකි. මෙම තහනම කුමක් නිසාද? යන්න පිළිබඳ ව පහත දැක්වෙන විස්තර මගින් පැහැදිලි ලෙස දැන ගත හැකි වේ.

ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබීම පිළිබඳ ව අල් කුර්ආනයේ අවම වශයෙන් පරිච්ඡේද හතරක සඳහන් වී තිබීමේ හේතුවෙන් මුස්ලිම්වරුන් ඌරු මස් ආහාරයට නොගනිති.

“ඉබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දේ ආදිය ඔහු ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා බකරා 2:173.

“ඉබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දෑ ආදිය තහනම් කර ඇත. ගෙල මිරිකනු ලැබු සතුන්, පහර දෙනු ලැබු සතුන්, (උස් තැනකින් සිට) පෙරළී වැටුණු සතුන් ආදියෙහි පණ පිටින් සිටින සතුන්ගෙන් ඔබ නිසියාකාර ව කැපු සතුන් හැර (වෙනත් සතුන් ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා මායිදා 5:3.

“ඉබේ මළ සතුන්, ගලන ලද රුධිරය, අපවිත්‍ර ඌරු මස් හා අල්ලාහ් නොව අයට කපන ලද පාපකාරි දේ (ආහාරය) මිස අන් කිසිවක් තහනම් කරන ලද බව මට දැනුම් දෙන ලද පුවතෙහි මම නුදුටුමි.” අල් කුර්ආන් සූරා අල් අනාම් 6:14

“ඔබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දේ ආදිය ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා අන් නහල් 16:115.

ඌරු මස් ආහාරයට ගැනීම නබි (සල්) තුමාණන් විසින් ද තහනම් කරනු ලැබ ඇත්තාහ.

“මක්කා ජයග්‍රහණය කරනු ලැබු වර්ෂයේ මත්පැන්, ස්වභාවිකවම මැරුණු සතුන්, ඌරු මස් මෙන්ම පිළිම අලෙවි කිරීම නබි (සල්) තුමාණන් තහනම් කළහ.” ජාබිර් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි 2236.

2. බයිබලයද ඌරු මස් තහනම් කරයි

ක්‍රිස්තියානුවන්ගේ ආගමික ග්‍රන්ථය වන බයිබලය සඳහන් කරන තහනම් පිළිබඳ ව ක්‍රිස්තියානුවන්ට ගෙන හැර දැක්වුවහොත් ඔවුන් ද එය දැන ගනීවි. මන්දයත් ඌරුමස් ආහාරයට ගැනීම තහනම් යැයි බයිබලයේ ද සඳහන් වී ඇත.

“ඌරා කුරය බෙදී වෙන්ව තිබෙන නමුත්, වමාරා නොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මාංස නොකල්ලා, උන්ගේ මළකුණු ස්පර්ශ නොකරන්නා, උන් නුඹලාට අපවිත්‍රය.” බයිබලයේ ලෙවීගේ කථා (Leviticus) හි 11 වන පරිච්ඡේදයේ 7වන වාක්‍යයේ සිට 8 වන වාක්‍යය දක්වා.

මේ ආකාරයෙන් ම බයිබලයේ වීතියේ කථාවේ (Deutronomy) හි 14 වන පරිච්ඡේයේ 8 වන වාක්‍යයද ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබීම පිළිබඳ ව අනාවරණය කරයි.

තවද බයිබලයේ යෙසායා - Book of Isaiyah හි 65 වන පරිච්ඡේයේ 2 වන වාක්‍යය සිට 5 වන වාක්‍යය දක්වා “හොඳ නැති මාර්ගයේ යන්නාවු ......... තහනම් ඌරු මස් ආහාරයට ගන්නා බව සඳහන් වී ඇත.”

3. ඌරු මස් අනුභව කිරීමෙන් විවිධ රෝග හට ගනී.

කුමන කරුණක් වුවද මුස්ලිම් නොවන අය මෙන්ම දෙවියෙකු නොමැති යැයි ප්‍රතික්‍ෂේප කරන්නන්ද අවබෝධ කර ගත යුත්තේ ඌරු මස් අනුභව කිරීම මගින් හැත්තෑ විද රෝග ඇති වන බවයි. ඌරු මස් ආහාරයට ගැනීම මගින් මිනිසාගේ උදරයේ වට පණුවන් - Round Worm ඉඳි කටු පණුවන් Pin worm කොකු පණුවන් Hook worm වැනි බඩවැල් පණුවන් ඇති වේ. ඌරු මස් කෑම නිසා මිනිසාගේ උදරයෙහි ඉතාමත් බිහිසුණු පටිපණුවන් (Tape worm) ඇති වේ. මෙම පටිපණුවන් මිනිසාගේ බඩවැලේ යටි ප්‍රදේශයේ රැඳෙති. උන් දමන බිත්තර රුධිර නාළ මගින් ශරීරයේ සියලුම ප්‍රදේශ වලට පැතිරෙයි. මෙම බිත්තර මිනිසාගේ මොළයට ගියහොත් මිනිසාට තම මතක ශක්තිය නැති වේ. මෙම බිත්තර මිනිසාගේ හදවත වෙත ගියහොත් මිනිසාට හෘදයාබාධ ඇති වේ. මෙම බිත්තර මිනිසාගේ ඇස් කරා ගියහොත් ඔහු අන්ධ බවට පත් වෙයි. මෙම බිත්තර මිනිසාගේ අක්මාව ඇතුළු වුවහොත් අක්මාව හානියට පත් වේ. පටිපණුවන්ගේ බිත්තර මගින් මිනිස් අවයව සියල්ලටම හානි සිදු කිරීමේ ශක්තිය ඇත.

ඌරු මස් වල ත්‍රිකූරා තිකුරාසිස් නමැති තවත් අනතුරු දායක බඩවැල්හි හට ගන්නා වු රෝග විශේෂයක් ඇත. ඌරු මස් හොඳින් තම්බා ගතහොත් මෙවැනි බිත්තර විනාශ වෙයි යන වැරදි මතයක් පොදුවේ ජනතාව අතර පවති. මේ පිළිබඳ ව පර්යේෂණයක් ඇමරිකාවේ සිදු කළ අවස්ථාවේදී විසි හතර දෙනෙකු ත්‍රිකූරා තිකුරාසිස් නමැති බඩවැලේ හට ගන්නා රෝගයෙන් පීඩාවට පත් වී සිටියහ. ඔවුන්ගෙන් විසිදෙනෙකු ඌරු මස් හොඳින් තම්බා ආහාරයට ගත් අය බව හඳුනා ගනු ලැබුහ. සාමාන්‍ය උෂ්ණත්වයෙන් උයනු ලබන ඌරු මස් වල තිබෙන පණුවන්ගේ බිත්තර විනාශ නොවන බව මෙකී පර්යේෂණය තහවුරු කළේය.

4. ශරීරය වඩන විටමින් ඌරු මස් වල තිබේ ද?.

ඌරු මස් වල කාය වර්ධනය සඳහා අවශ්‍ය විටමින් වලට වඩා මේදය අධික ව තිබේ. ඌරුමස් ආහාරයට ගැනීමෙන් මෙම මේදය මිනිස් රුධිර නාළිකාවන් හි තැන්පත් වීමෙන් රුධිර පීඩන රෝගය සහ හෘදයාබාධ හට ගැනේ. ඇමරිකා රට වැසියන්ගෙන් සීයයට 50ක ප්‍රතිශතයකට වඩා ජනතාව රුධිර පීඩනයට ලක් වීම විමතියට පත් විය යුතු කරුණක් නොවේ.

5. ඌරා ඉතාමත් අපවිත්‍ර සතෙකි.

පොළොවෙහි වෙසෙන සත්වයින් අතරින් ඉතාමත් අපවිත්‍ර සතා ඌරාය.ඌරා ගොඩේ සහ මඩේ සහ අසූචි වළේ ජීවත් වන සත්ව වර්ගයෙකි. දෙවියන්ගේ මැවුම් අතරින් ඉතාමත් කාර්යක්‍ෂම පවිත්‍ර කරන්නෙකු වන්නේ ඌරාය. දෙවියන් වහන්සේ ඌරා ව මැවු අරමුණ මේ සඳහා විය හැක. නවීන වැසිකිළි පහසුකම් නොමැති ග්‍රාමීය පෙදෙස් වල මිනිසුන් කැළෑ පෙදෙස් වල ද එළිමහනේද මළ මූත්‍රා කරති. මෙම අසූචි ශුද්ධ කරන්නේ ඌරාය.

ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල ඌරන් ඉතාමත් පිරිසිදු පරිසරයක ඇති කරනු ලබන බව ඇතැමුන් තර්ක කිරීමට ඉදිරිපත් විය හැක. කුමන ආකාරයේ පිරිසිදු පරිසරයක වුවද ඌරන් ගාල් කර වසා දමා තිබෙන්නේ එකටමයි. කොපමණ පිරිසිදු ව ඌරන් තබා ගෙන සිටියද, ඌරා ස්වභාවයෙන්ම අපිරිසිදුම සත්ව වර්ගයයි. තම අසුචි හා අන් අසූචිද කන එකම සතා ඌරාය.

6. ඌරා කිසිදු ලැජ්ජා බිය නොමැති සතෙකි.

මෙලොව ජීවත් වන සතුන් අතරින් කිසිදු ලැජ්ජා බිය නොමැති සත්වයා ඌරාය. අන් ඌරන්ට තම සහායිකාව සමඟ සංසර්ගයේ යෙදෙන්නට ආරාධනා කරන එකම සත්වයා ඌරය. බටහිර රටවල ජනතාව අතර බොහෝ දෙනෙක් ඌරු මස් ආහාරයට ගනිති. ඇමරිකවේ රාත්‍රි සාදය අවසන් වු පසු තමන් අතර භාර්යාවන් මාරු කර ගන්නා සිරිත ඇතැම් පිරිස් අනුගමනය කරති. මෙයට සම්බන්ධ වන සියලු දෙනාම දැනුවත් ව හා සිය කැමැත්තෙන් සහභාගි වන සිරිතකි. ඌරාගේ මාංශය අනුභව කරන්නෙක් ඌරෙක් මෙන් නොව වෙන කවරෙකු මෙන් හැසිරෙයි ද?

දකුණු ආසියානුවන් වන අපි ඇමරිකානුවන් ඉතාමත් දියුණු වූ අය වශයෙන් හා ඉතාමත් සංවර වූ අය වශයෙන් හිස මත තබා සමරන්නෙමු. ඔවුන් කුමක් කළත් එය අපි ද එලෙසින්ම අනගමනුය කරන්නෙමු. මෑතක දී මුම්බායි පෙදෙසේ නිකුත් කරනු ලබන “අයිලන්ඩ්“ නමැති මාසික සඟරාවේ පල කරන ලද ලිපිය භාර්යාවන් මාරු කර ගන්නා සිරිත මුම්බායි පෙදෙසේ සාමාන්‍ය දෙයක් යැයි මවිතයට පත් කරවන පුවතක් ඵල කරන ලදී. මිනිසුන් ඌරු මස් ආහාරයට නොගත යුතු යැයි ඉස්ලාම් තහනම් කර ඇත්තේ ඉහත සදහන් හේතුන් නිසාය. ඉස්ලාමයේ කිසිදු බල කිරීමක් නැත. එනිසා ඔබේම බිරිය, ඔබේ ආහාරය, ඔබේම මුදල, ඔබේම කැමැත්ත. ඔබ කැමති දැයක් කරගන්න.

කොතැනක බෝම්බයක් පිපිරේදැයි බියෙන් සැකෙන් හා අවිනිශ්චිතව ගෙවූ යුගය අවසන්ව වසර දහයක් ඉකුත්ව ගොසිණි.


කොතැනක බෝම්බයක් පිපිරේදැයි බියෙන් සැකෙන් හා අවිනිශ්චිතව ගෙවූ යුගය අවසන්ව වසර දහයක් ඉකුත්ව ගොසිණි.
ඒ වෙනුවෙන් දිවි පුදකළ ශරීරාංග කැපකළ රණවිරුවන් නොවන්නට තවමත් අපේ ජීවිත අවිනිශ්චිතය.

තරුණබවේ ජවය ශක්තිය එක්කර රුහිරු පුදකරන්නට තම දරුවන් පූජා කළ, දෙමාපියන්, සැමියන් පුදකළ බිරින්දෑවරු හා පියවරුන් පුදකළ දරුවන් උතුම් කොට සැලකිය යුතු පිරිසකි.
වසර තිහකට අධික කාලයක් තිස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකාද්වීපයට හා රටවැසියාට කළ හානිය අපමණ ය. එතැන් සිට පත් වූ සෑම රජයක් ම රුදුරු ත්‍රස්තවාදය තුරන් කිරීමට නොගත් උත්සාහයක් නැත.

මේ දිගරින්නේ අප අතරින් සමුගත් මැලේ ජාතික රණවිරුවන් දෙදෙනෙකු පිළිබදවය.

ලුතිනන් කර්නල් තුවාන් අහමඩ් පකීර්
(4 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)
(වඩමාරච්චි, පූර්ණභූමි සහ දේශපුත්‍ර පදක්‌කම)

එල්ටීටීඊ යේ රුදුරු ත්‍රස්‌තවාදී ප්‍රහාරයක තවත් ගොදුරක්‌ බවට පත්වූයේ 4 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල්, මැලේ ජාතික තුවාන් අහමඩ් පකීර් ය. 1965 සැප්තැම්බර් මස 18 වැනි දින මෝදර දී උපත ලැබූ අහමඩ් පකීර් මෝදර ඩිලාසාල් මධ්‍ය විද්‍යාලයේ සහ ඩිමෙන්සා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේය. හේ අධ්‍යාපනයෙහි සේම ක්‍රීඩාවෙහිද දස්‌කම් දැක්‌වූ සිසුවකු වූයේය.

පාසල් ජීවිතයෙන් සමුගත් හෙතෙම 1985 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බල සේනාවේ කැඩෙට්‌ ඒකකයට බැඳුණේය. වසරක යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1986 දී දෙවැනි ලුතිනන් පදවියට පත්වූ හේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 4 වැනි බලඇණියෙහි සේවයට අනුයුක්‌ත වූයේය. හෙතෙම තම බලඇණිය මෙහෙය වමින් උතුරු නැගෙනහිර පෙදෙස්‌වල ක්‍රියාන්විත රාජකාරියෙහි නිරත වූයේ සතුරන් හමුවේ අභීත ලෙස සටන් කරමිනි. දෙවැනි ලුතිනන්වරයකු ලෙස හමුදාවේ සේවය කළ කාල වකවානුවේ යුද හමුදාව විසින් දියත් කරන ලද වඩමාරච්චි, ජයශක්‌ති, හයිනයිටි 1 හා 2, බලවේග අකුණු පහර, වාලම්පුරි 1 හා 2, චතුරංග ශීඝ්‍ර පහර, සුමන බඹර චක්‍ර හා රිවිරැස ක්‍රියාන්විතයන් හිදී හේ අභීතව කැප වූයේය. ක්‍රියාන්විතයන්හිදී දැක්‌වූ කැපවීම සහ පළකළ වීරත්වය හේතුවෙන් 1988 දී ලුතින්න ධුරයට උසස්‌ වූ හේ නොබෝ කලකින් එනම් 1990 දී කපිතාන් නිලයට පත්වූයේය.

තම හමුදා සේවය තුළ විදේශයන්හි ලැබූ පුහුණුවෙන් පෝෂිතව පළකළ දස්‌කම් හේතුවෙන් හේ වඩමාරච්චි, පූර්ණභූමි සහ දේශපුත්‍ර පදක්‌කම්වලින් අගය කරනු ලැබුවේය. තම බලඇණිය මෙහෙයවමින් පේදුරුතුඩුව පෙදෙසේ රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්‌තවාදී ප්‍රහාරයකට ගොදුරුව 1996 ජුලි මස 27 වැනි දින මියයන විට හේ 31 වැනි වියේ පසුවිය. වසර 11 ක තම කෙටි සේවා කාලය මුළුමනින්ම එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්හට එරෙහිව ක්‍රියාන්විතයන් සඳහා කැපකොට, තුරුණු විය ඉක්‌මවන්නට පෙර ජීවිතයෙන් සමුගත් තුවාන් අහමඩ් පකීර් මියයැමෙන් පසු ලුතිනන් කර්නල් පදවියට උසස්‌ කරනු ලැබුවේය.

---------------------------
ඇලන් මුස්තෆා අහමඩ් පකීර්.
(ගුවන් යානා නියමු)
(රණශූර පදක්කම)

ගුවන් යානා නියමුවෙකු ලෙස කටයුතු කරමින් සිටි තවත් අහමඩ් කෙනෙකුට ක්‍රියාන්විතයට ඇරයුම් ලැබුණේ මේ අතරතුරය. උතුරට සැපයුම් මාර්ග අවහිරවී තිබුණි. තවත් යානාවන් හෝ නියමුවන් අහිමි කරගැනීම අපට අවාසිදායකය. නමුත් උතුරේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ගුවන් හමුදාව දායක විය යුතුව තිබුණි.
"මම MI 17ක් අරගෙන යන්නම්" කියා ඉදිරිපත් වු ඒ ආදරණීය සහෝදරයා නමින් ඇලන් මුස්තෆා අහමඩ් පකීර් විය.ඇලන්ට යුද්ධයවත්,ඉදිරිපත්වීම වත් අලුත් දෙයක් නොවූයේ ඔහුගේ සීයාත්,පියාත්,සහෝදරවරුන් සියළු දෙනාත් ඒ වනවිටත් හමුදා සේවයට හෝ ආරකෂක සේවයට අමුත්තන් නොවූ නිසාය.
නමුත් ඇලන් ගෙන ගිය එම් අයි 17 යානයත් අතුරුදහන් විය.තවත් සෙබලුන් 39ක් සමගම අතුරුදහන් විය.. එක්දහස් නවසිය අනූ හයේ ජනවාරි 22 දා හදිසියේ යානය රේඩාර් වලින් නොපෙනී යන්නට විය.

ඇලන් ඒ වන විට තමාගේ ඇවැස්ස නෑනා සමග පෙමින් වෙලී සිටියේය.
විවාහය සඳහා සියල්ල සූදානම් වී තිබුණි.අනාගතය ගැන,විවාහය ගැන ඔබත් මමත් දකින සිහින දකිමින් උන්නේය.ඇලන් ගේ මව මුදානොගත් ප්‍රදේශවලට ගොස් ඇලන් ගැන සොයන්නට තරම් දිරිය කතක් වුවාය. එසේ නොවන්නේ කෙසේද..ඇය දැයට දිරිය දරුවන් උරුම කළ මවකි.ඇලන් ත්‍රස්ථවාදීන්ට හසුවුණාද? නැතිනම් ඔහුගේ මළ සිරිරවත් දුටුවාදැයි රේඩාර් වලින් යානය නොපෙනී ගිය ප්‍රදේශවල මිනිසුන් ගෙන් අසමින් ඇය ඇලන් ගැන හෝඩුවාවක් සොයන්නට විය.නමුත් ඇලන් අතුරුදහන් විය..ඒ අතුරුදහන් වීම සදහටම වූ අතුරුදහන් වීමක් බව තහවුරු කළේ දෙදහස් නවයේ හමුදාව සොයාගත් මිසයිල විදිනයන් වලින් එකක දිනය,ස්ථානය සහ ඇලන් ගෙන ගිය යානයේ විස්තර සඳහන් විමය.

වාර්ශිකව කොල්ලුපිටිය ඉස්ලාම් දේවස්ථානයේ ඇලන් වගේම ගුවන් හමුදාවේ රට වෙනුවෙන් දිවිදුන් මැලේ මුස්ලිම් විරුවන් සිහිකිරීමට ගුවන් හමුදාව අමතක කළේ නැත.ඇලන් අහමඩ්ට රණශූර පදක්කම පිරිනැමූහ.ඇලන් ගේ මවට මම කථාකලේ මේ ඇලන් ගේ කථාව මට අසන්නට ලැබුණේ අහම්බෙන් නිසාවෙනි.මා කථාකලෙමි...දීර්ග ලෙස කථාකළෙමි. අපේ මුළු පවුලම රට මවුබිම වෙනුවෙන් සේවය කරපු පවුලක් පුතා. මා විමතියට පත් වුනෙමි.ඇය මට පුදුම දිරියක් දෙන ලෙස කථා කලාය.ඇය ඇලන් අහමඩ් මුස්තෆා පකීර් නම් වූ රණ ශූරයා ගැන ආඩම්භර වූවාය.රණ ශූර මැලේ තරුණයන් ගැන මේ රටේ තරුණයන් කීයෙන් කීදෙනාද අසා තිබෙන්නේ?
"මගේ දරුවා දිවි පුදා ඇත්තේ හොඳ මිනිසුන් වෙනුවෙනි.මගේ දරුවා දිවි පුදා ඇත්තේ කළගුණ දත් මිනිසුන් වෙනුවෙනි" අම්මාට එහෙම හිතේවි...ඒ ටික හොඳටෝම ඇති වේවි ඒ අම්මා,අප්පලාට තමන් ගේ පුතා මතක් වෙන සෑම මොහොතකම ඒ දුක තුනී කරන්නට.

ජීවිතය දුන්, ශරීරාංග කැපකළ විරුවනි ඔබ නොවන්නට ශ්‍රී ලංකා මාතාව අදද යුද බියෙන් ඇළලී ගිය අරාජික රටකි. සාමය උදාකළ ඔබ සදා අමරණීයයි...

ඉස්ලාමයේ නාමයෙන් අන්තවාදීන් බිහිවන්නේ ඇයි

ඉස්ලාමීය සමාජය තුළ යම් පිරිසක් දුර් මාර්ගය තෝරාගැනීමටත් ඒ මග ගොස් මහා ව්‍යසනයන් සිදුකිරීමටත් එක් ප්‍රදාන හේතුවක් ඇත. ඒ ඔවුන් තුළ වූ දේව විශ්වාසය, දෙවියන් කෙරෙහි වූ භක්තිය සහ ඉස්ලාමය වෙනුවෙන් ජීවත්විය යුතුයැයි ඔවුන් තුළ තිබෙන දැඩි අධිෂ්ඨානයේ තරමට ම ඔවුන් තුළ ෂරීයාව පිලිබඳ දැනුමක් නොමැති වීමයි.
මේ හේතුවෙන් ඔවුන් ලෝකයා ඉදිරියේ ඉස්ලාමය පිලිබඳ විකෘති චිත්‍රයක් මැවීමටත් ආගමේ නාමයෙන් මහා විනාශයන් සිදුකිරීමටත් සමත්ව සිටිති.

ඉස්ලාම් ඉතිහාසයේ බිහිවූ "කවාරිජ්" වරුන් මෙයට කදිම නිදසුනකි. ඔවුන් ඉස්ලාමයේ සතරවන කාලිෆ්වරයා වූ අලී රලියල්ලාහු අන්හු තුමා පත් කල "මජ්ලිසුස් තහ්කීම්" යනුවෙන් හැඳින්වෙන සමත මණ්ඩලයේ සාමුහික තීරණ පිලි නොගනිමින් රාජ්‍ය තුළ කලබල ඇති කරමින් ඉස්ලාම් රාජ්‍යයේ නායකයා වූ අලී තුමාවම ඝාතනය කිරීමට තරම් කෘර වූහ.

මොවුන් පිලිබඳ මුහම්මද් (සල්) තුමා මෙසේ අනාවැකි පල කලහ.
"සහාබාවරුනි (මිත්‍රයිනි) ඔබ ඔවුන්ගේ නැමදුම් දෙස බලා ඔබගේ නැමදුම ගැන ද, ඔවුන්ගේ උපවාසය දෙස බලා ඔබගේ උපවාසය ද, ඔවුන් සිදුකරන පුන්‍ය කටයුතු දෙස බලා ඔබගේ පුන්‍ය කර්ම ද ඉතා අල්ප හා නොවැදගත් බවට ඔබ සිතාවි. (එනම්, ඔවුන්ගේ ආගමික භක්තිය ඔබගේ භක්තිය ට වඩා ඉතා උසස් බවට සිතාවි) නමුත් ඔවුන් කුරාණය පාරායණය කරණ නමුත් එය ඔවුන්ගේ උගුර දණ්ඩෙන් එහා නොයයි. ඊතලයක් දුන්නෙත් පිටවන ආකාරයට ඔවුන් ඉස්ලාමයෙන් දුරස් වී ඉවත යයි" යනුවෙන් පැවසූහ. (ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම්)

තමන්ගේ ආගම පිළිබඳ ඔවුන් ට තිබූ මහත් භක්තිය සහ දැඩි විශ්වාසයේ තරමට ඔවුන් ට ෂරීයාව හෝ ආගමික සංකල්ප ගැන දැනුම, අවබෝධය අල්ප විය. ඒ නිසා ඔවුන් කුරාණයට වැරදි අර්ථ කථන දෙමින් ඉස්ලාමීය ඉතිහාසය තුළ මහා කලු පැල්ලමක් ඉතිරි කලහ.

නූතන ඉස්ලාමීය සමාජයේ ද මෙවැනි කවාරිජ්වරුන් සිටිති. මහා භක්තිවන්ත මුස්ලිම්වරු වන මොවුන් ඉස්ලාමය ට සිදුකරන හානිය සුලුපටු නොවේ.

මේ සම්බන්ධයෙන් නූතන ඉස්ලාමීය විද්වතෙකු වූ ෂෛක් අල් ගස්සාලි තුමා මෙසේ පැවසීය,
"ඉස්ලාමය විත්ති කූඩුවට නංවා ඇත. එනමුත් සාධාරණය ඇත්තේ ඉස්ලාමය පැත්තේය. නමුත් අවාසනාවකට එය වැඩ බැරි අදක්ෂ පෙරකදෝරුවන්ගේ අතට පත්වී ඇත. ඔවුන් වචනයක් හෝ කතා නොකර නිශ්ශබ්දව සිටී නම් කෙතරම් අගනේ ද ?"

ලාංකීය මුස්ලිම් වරුන්ගේ හා ඉස්ලාම් දහමේ අනන්‍යතාවයට බලපෑමක් තියෙනවද ??

ලාංකීය මුස්ලිම් වරුන්ගේ හා ඉස්ලාම් දහමේ අනන්‍යතාවයට බලපෑමක් තියෙනවද ?? ඇත්තෙන්ම නැහැ. නමුත් සමහර මුස්ලිම්වරුන් මෑත කාලීනව ආගමට අළුතෙන් භාහිරව එක්කරගත් දේවල් එනම්, ඔප්ෂන්ස් ආගම තුළට ඔබ්බවා එයත් ආගමේ කොටසක් බව ඒත්තු ගැන්වීම නම් විකාරයක්. 

ඉස්ලාමයේ ප්‍රධාන වගකීම් පහකි.
1) වන්දනයට පාත්‍රවු දෙවියන් ඒකකයෙකු බවත් මුහම්මද් තුමානෝ උන් වහන්සේගේ දූතයාණන් බව, 


2) දිනකට පස්වේල් නැමදුම ඉටුකිරීම. 


3) තම ධනයෙන් දුගී බද්ද ලෙස (2.5%) සියයට දෙකයි දශම පහක් ගෙවීම 


4) වසරකට වරක් රමළාන් මාසය පුරා උපවාසය ඉටු කිරීම. 


5) ජීවිත කාලයේදි වරක් හජ් වතාවත් සඳහා සවුදි අරාබියේ මක්කා හා මදීනා යන නගර වෙත වන්දනා ගමන් යාම. 


මේවාට කිසිදු බලපෑමක් අදවනතුරු කිසිවෙකුගෙන් එල්ලවී නැත.
එසේනම් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගේ මෑත කාලීන වෙනස්කම් ලෙස හුවා දක්වන සියල්ල දකුණු ආසියානු හා මැදපෙරදිගින් එක් එක් ගෝත්‍රික මත දරන්නන් විසින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරු මත බලෙන් පටවා ඒවාට ආගමික මුහුණුවරක් ඔබ්බවීමට යාමේ ප්‍රථිඵල මිස වෙන කවරේද ??
මෙය සිංහල හා අනෙකුත් සහෝදර ජාතින් සමඟ අන්‍යෝන්‍ය අවබෝධය හා බැඳුනු කරුණු කාරණා සාකච්ඡා කිරීමේ අරමුණින් ලියන්නට යෙදුනු කාරණාවකි. 


අපි කථා කරමු.

ආගම (දෙපාර්ශවයම) නැති තැන විවිධ ඇඳුම් අඳින මිනිස්සුන්ගෙ මිනිස් කම මතුවෙනව ....

මේක උනේ ඊයේ හවස 4.10 විතර.ඊයේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයට මගේ බිරිඳත් සුදුසුකම් ලබලා තිබුන නිසා මාත් ගියා. පත්වීම් ගන්න අයට ශාලාවේ ඇතුලෙත් ගෙවල් වලින් ආපු අයට එළියේ පොඩි හට්‌ එකකුත් තිබ්බා.උත්සවය පටන් ගන්නකොටම ඉඩ මදි නිසා මම වගේම ගොඩක් මිනිස්සු එළියේ ඉන්නකොට ජාතික ගීය වාදනය කරන්න පටන් ගත්තා. ඔක්කොම සීරුවෙන්.එකපාරටම මහා වැස්සක් ආවා. සෙට් එකක් හෝල් එක ඇතුලට පැන්නා (මමත් එක්කම). අනිත් අය එළියේ පොඩි හට්‌ එකට පැන්නා.ආයෙමත් මම සීරුවෙන් ඉන්න හදනකොට තමයි මේක දැක්කේ.

සිංහලෙන් යන ජාතික ගීයට ඇය වැස්සේ තෙමි තෙමී සීරුවෙන් ඉන්නවා…

(ෆොටෝ එක ගත්තෙත් මම. වීඩියෝ කරේ නැත්තේ හරි මදි නිසා.අහන් නැතිව ෆොටෝ එක දැම්මට සොරි.)
(Facebook උපුටා ගැනීම අවසන් )

මරක්කල යෝනක මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හා ව්‍යාපාරය.

ශ්‍රිලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය දෙස බැලුවිට මුස්ලිම් ප්‍රජාව විවිධ කාලවකවානු තුල , විවිධ ජනවර්ග වලට අයත් විවිධ රටවල් වලට අයත් ඉස්ලාම් ජනයා මෙරටට පැමිණ ඇති බව නිගමනය කල හැක.

මුස්ලිම් ජනවර්ග අනුව මුර් ,යෝනක(මරක්කල) ,මෙමොන්,බෝරා.කොජාහ් සහ මැලේ ලෙස විවිධ ජාතින් අයත් වේ.

• මොරෝක්කොවෙන් පැමිණි මූර් ජාතිකයින්
• දකුණු ඉන්දියාවෙන් පැමිණි මරක්කල ජාතිකයන් (මලබාර් හා මලයාලම් ප්‍රජාව ඇතුලත්වේ )
• අග්නිදිග ආසියාවේ ජාවා (ජාවක දේශය) , සහ මැලේසියානු අර්ධත්විපය ආශ්‍රිත පැමිණි ජාවා හෙවත් මැලේ ජාතිකයින් 
• පාකිස්තානයෙන් පැමිණි මෙමොන් ජාතිකයින් 
• ගුජරාටි දේශයෙන් පැමිණි දාවුදී බෝරා ජාතිකයින් 
• උතුරු ඉන්දියාවේ ගුජරාටි දේශයෙන් පැමිණි තුර්කි සම්භවයක් සහිත කොජාහ් ජාතිකයින් 

ඉහත ආකාරයට විවිධ දේශයන් ,සංස්කෘතින් හා විවිධ භාෂා කතා කරන විවිධ ජාතින්ට අයත් මුස්ලිම්වරු වෙනස් ඉතිහාසයන්ට අයත් වේ.
ලංකාවේ පදිංචි වූ මුස්ලිම්වරුන් බහුතරය මුස්ලිම් ආගම වැළඳගත් දකුණු ඉන්දීයයන් වූ අතර ඔවුන් මවුබස වශයෙන් භාවිතා කෙළේ අරාබි නොව දෙමළ යි. අද ද ශ‍්‍රී ලංකා බහුතර මූර්- මුස්ලිම්වරු සිය මවුබස වශයෙන් සලකන්නේ දෙමළ භාෂාවයි.

ඒ හැර , මැලේ - මුස්ලිම්වරු මැලේ මව්බස වන අතර , බෝරා සහ මෙමොන් ප්‍රජාව හින්දි-උර්දු මිශ්‍රිත භාෂා මව්බස ලෙස සලකයි.

දෙමල මුස්ලිම් සංක්‍රමණිකයන්ගෙන් දෙවන පිරිස ශ්‍රී ලංකාවට අවතීර්ණ වුයේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියානු වරාය වල පදිංචිව සිටි මුල් අරාබි වෙලෙන්දෝ දේශීය ස්ත්‍රීන් විවාහ කරගෙන ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්ලාම් වූහ. මේ කුඩා දෙමළ මුස්ලිම් ප්‍රජාව, හින්දු ආගම අතහැර ඉස්ලාම් ආගම වැලඳ ගත් සැලකිය යුතු ප්‍රමාණයක් වු නිසා සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය විය.
දකුණු ඉන්දියාවේ දෙමල මුස්ලිම් ජනගහනය වර්ධනය වෙත්ම, ද්‍රවිඩ ස්වර විද්‍යාව උල්ලංඝනය නොවන පරිදි යම් යම් වෙනස් කම් සහිතව දෙමළ සහ මලයාලම් භාෂා අරාබි අක්ෂරයෙන් ලිවීමට පටන් ගත්හ. ඉස්ලාමීය සංකල්ප සහ ආගමෙන් මුළුමණින්ම වෙන්කළ නොහැකි යම් යම් කටයුතු ප්‍රකාශ කිරීම සඳහා අරාබි වචන ගණනාවක් හඳුන්වා දී තිබේ. මෙම උපභාෂාව අරාබි-දෙමළ භාෂාව යනුවෙන් හැඳින්විණි. දකුණු ඉන්දියාවේ දෙමල මුස්ලිම් වරුන් ඉස්ලාමීය ලෝකයේ සාහිත්‍ය දැන සිටි අතර ඒවායින් සමහරක් අරාබි-දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබීය. දහ හතර වන සියවසේ සිට අරාබි දෙමළ මාධ්‍යයෙන් දකුණු ඉන්දියාවෙන් ඉස්ලාම් බලපෑම් පැතිරෙන්නට විය.

ඉතිහාසයේ අමුද්‍රව්‍ය වන ශිලා ලිපි, සන්නස්, බෞද්ධ විහාර වාර්තා, සාහිත්‍යය, වංශ කථා, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි ජාතිකයින්ගේ ලේඛන වැනි මූලාශ‍්‍රයන්ගෙන් ලැබෙන තොරතුරුවලට අමතරව අනෙකුත් විස්තර තුලින් මුස්ලිම් ඉතිහාසය පිලිබදව වැදගත් තොරතුරු රාශියක් හෙළි වේ.

පෘතුගීසීහු හා ලන්දේසීහු ස්වකීය වාණිජ ප‍්‍රතිමල්ලවයින් වූ ද මිථ්‍යාදෘෂ්ටිකයින් ලෙස සලකනු ලැබුවා වූ ද මුස්ලිම්වරුන් මර්දනයට දැඩි කි‍්‍රයා මාර්ග ගත්හ.
මෙහි සමුච්චිත ප‍්‍රතිඵලය වූයේ එතෙක් කල් මුහුදුබඩට සීමා වූ දෙමල මුස්ලිම්වරු උඩරට රාජධානියේ අභ්‍යන්තරයට ප‍්‍රවිශ්ට වීමයි. දෙමල මුස්ලිමුන්ට ඔවුන්ගේ දුර්භාග්‍ය සමයේ දී උඩරට ක්‍ෂේම භූමියක් වූයේ එහි රජවරුන්ගේ තිබූ සහනශීලී ප‍්‍රතිපත්තීන් නිසා ය.
ස්වකීය අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන් ස්වදේශීකරණයට හසුවූයේ එහිදී ය.
පෘතුගීසීන්ගේ මර්ධන හස්තයට අසුවූවද යටත් පිරිසෙයින් දෙමල මුස්ලිම්වරුන්ගෙන් සුලු පිරිසක් හෝ ඔවුන්ගේ ධන සම්පත්, දියුණු නුවණ සහ නැව් පැදවීමේ අපූර්ව දක්ෂතාව මඟින් මුහුදුබඩ පළාත්වල අවිනිශ්චිත තත්ත්වයකින් හෝ සිටින්නට සමත් වූහ.
ලන්දේසීන් ද කෘෂිකාර්මික කටයුතු මඟින් සමාගමේ ලාභ වර්ධනය කර ගැනීමේ අපේක්ෂාව මත පහතරට දුප්පත් මුස්ලිම් ගොවි ජනතාව දැඩි මර්දනයකට ලක් නොකළ බව සඳහන් වෙයි.

මේ හැර උඩරට පාලකයින් හා ලංදේසීන් අතර ඇති වූ සංග‍්‍රාමයන්හි දී මැලේ කුලී හේවායින් ලෙස දෙපක්ෂයට ම සේවය කළ අයුරුත් වෙළෙන්දන් වශයෙන් පෙනී සිටිමින් ප‍්‍රදේශ මායිම් හරහා යාමට ඔවුන්ට තිබූ දක්ෂතාව නිසා දෙපක්ෂයේ ම ඔත්තුකරුවන් හා පණිවිඩකරුවන් ලෙස සේවයකොට තිබේ.

කෙසේ වුවද 1500න් පසු රට අභ්‍යන්තරයේ බහුලව පදිංචි වීම නිසා උඩරට රාජධානියේ දෙමල-මුස්ලිම්වරු ව්‍යූහාත්මක ස්වීකරණයකට ලක්වූහ. මෙසේ උඩරට දේශපාලන හා සමාජ ව්‍යූහයට බද්ධ වීමේදී කරාව කුලයත් සමඟ සමීප වී රජුගේ ‘මඩිගෙ බද්ධ’ හෙවත් ගැල් ගවයින් ගේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූහ.

දළදා මාලිගාවට මෙන් ම අනෙකුත් බොහෝ සිද්ධස්ථානවල ධාන්‍ය රැගෙන යාම වැනි ප‍්‍රවාහන කටයුතු කළහ. එම සිද්ධස්ථානවල පවත්වනු ලැබූ අවුරුදු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, ඇසළ පෙරහැර, කාර්ති මංගල්‍යය යන සතර මංගල්‍යයන්හි දී ලුණු වැනි විවිධ ද්‍රව්‍ය හා උපකරණ සැපයූහ.
බෙර ගැසීම, රන් රිදී භාණ්ඩ පිරිසිදු කිරීම වැනි සේවා කාර්යයන් ඉටු කළහ. ඔවුහු ඉස්ලාම් ධර්මයට හානියක් නොවන අයුරින් බෞද්ධ විහාරයන්හි පැවති ව්‍යූහයට නම්‍යශීලී ලෙස හුරුවූහ.
බෞද්ධ විහාරාරාමයන් ද දෙමල ප‍්‍රජාව කෙරෙහි විවිධාකාරයෙන් උපකාර කරන ලද අවස්ථා එමට ය. එබඳු ප‍්‍රතිචාරයන්හි පුදුම එලවන සුලු අති විශේෂ අවස්ථාවන්ගෙන් එකක් ලෙස සඳහන් කොට ඇත්තේ රිදී විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙමල මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මූර් පූජකවරයකු ගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර දී තිබීම ය.

භාරතයෙහි බහුල ලෙස පැතිරී තිබුණු උග‍්‍ර හින්දු – මුස්ලිම් ගැටුම් සහ ආගමික යුද්ධ දෙස බලන කල ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් හින්දු දේවාලවල කි‍්‍රයාකාරිත්වයට සාමකාමීව එක්වූ අවස්ථා ද විශ්මයජනක ලෙස දක්නට ලැබේ. මෙපරිදි දෙමල මුස්ලිම් ප‍්‍රජාව ආගන්තුක සංස්කෘතියේ අවශ්‍යතාවලට පහසුවෙන් හුරු වුවද ඊට මුලුමනින් ම අනුගත නොවී ස්වීයත්වය ද මැනැවින් රැකගත්හ.
මෙම තත්ත්වය 1815 වසරේ දී බි‍්‍රතාන්‍යයින් කන්ද උඩරට අල්ලා ගත්පසු වෙනස් විය. 
එතෙක් කල් සාමකාමීව එකට වාසය කළ සිංහල, දෙමල ,මැලේ යන ජන කණ්ඩායම් බි‍්‍රතාන්‍ය පාලකයින්ගෙ උපක‍්‍රමශීලී හා ඉතා සියුම් ලෙස බෙදා පාලනය කිරීමේ කි‍්‍රයාවලිය නිසා තරමක් දුරකට භේද භින්න විය.

උඩරට රාධධානියෙහි ද දෙමල මුස්ලිම්වරුන් මේ වැනුම තත්වවලට පත් කර තිබුණු බෑවු සිත ගන්නාසුළු කරුණකි. ආගම ඇදහීමේ පූර්ණ නිදහස ඔවුනට දී තිබුණි. ඇත්ත වශයෙන් කිවහොත් අයෝධ්‍ය පාලකවරුන් විසින් ඉස්ලාම් ආගමට රාජකීය අනුග්‍රහය පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ දී මෙන් පල්ලි ඉදි කිරීමටත් මුස්ලිම් උත්සව පැවැත්වීමටත් රජයේ අරමුදල් වෙන් කරදෙන ලදී.

1800 දී වැවිලි වතු ක්ෂේත‍්‍රය ලංකාවට හදුන්වා දීමත් සමඟ ඉන්දීය හා මලයාම් ජාතික කම්කරුවන් මෙන්ම ඉන්දීය දෙමල මුස්ලිම් වෙළදුන් පැමිණියේ ය. නමුත් 1833 කෝල්බෲක් ආණ්ඩුක‍්‍රමය කි‍්‍රයාත්මක වීමට පටන් ගත් යුගයේ සිට ශ‍්‍රි ලංකාවේ දෙමල- මුස්ලිම් ජනයා නියෝජනය වුයේ දෙමළ ජාතිය තුළයි.

එනම් වෙනම ජන කොට්ඨාසයක් ලෙස මුස්ලිම් ජනයා සැළකුවේ නැත. ඒ අවධිය වන විට දෙමල මුස්ලිම් ජනතාව මුහුදුබඩ මූර්, ලංකා මූර්, මැලේ ජාතිකයින් ලෙස කොටස් 3කට වෙන්වී සිටි අතර කොළඹ, මහනුවර වැනි නගරයන්හී යම් සමාජ තත්වයක් අත්පත් කර ගෙන සිටියේ මැලේ මුස්ලිම් ජාතිකයින් විසිනි.
එකල දෙමල මුස්ලිම්වරු ව්‍යාපාරයට දක්ෂ වූ අතර මැලේ මුස්ලිම්වරු ආරක්ෂක සේවාවන්ට දක්ෂ විය.

මැලේ මුස්ලිම්වරුන්ගෙන් දෙවැනි සංක්‍රමණිකය ආරම්භ වන්නේ යටත් විජිත යුගයේදීය, ඒ හමුදා සේවාවන් තුල දක්ෂ වූ මැලේ මුස්ලිම්වරු එකල ඉංග්‍රීසි මැනවින් දක්ෂ ලෙස හැසිරිවිම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උසස් නිලතල දරන්නන් විය.

එබැවින් මැලේ ජාතික නායකයන් සමස්ථ දෙමල මුස්ලිම් ජනයාගේ හඬ බවට පත්විය. එහිදී ඔවුන් තර්ක කරන ලද්දේ තව දුරටත් මුස්ලිම් ජාතිකයන් දෙමළ ජන කොට්ඨාසයට අයත් නොවන බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1889 දී ස්වදේශික නියෝජනත්වයක් දෙමල මුස්ලිම් ජනතාවට ලැබුණි.

19 සියවසේ අගභාගය වන විට යටත් විජිත පාලකයන්ට එරෙහි අරගලය ක‍්‍රිස්තියානි ආගමට එරෙහි අරගලයක් බවට විතැන් වී තිබිණි. දේශීය සංස්කෘතිය පිරිහීයාමට එරෙහිවත්, අමද්‍යප ව්‍යාපාරය ලෙසත් බෞද්ධ පුනරුදය මෙකල උත්සන්නව පැවතියේ ය. අනගාරික ධර්මපාලගේ පැමිණීමේ සිට ආගමික හා ජාතික ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් මෙකළ අලූතින් ආරම්භ විය. වෙළදාමේදී වඩාත් දක්ෂ ලෙස දෙමල මුස්ලිම් ව්‍යාපාර දියුණුවීමේ දී එකී තරඟය සිංහල -මරක්කල අරගලයක් දක්වා රැගෙන ඒමට සිංහල ජනයා කි‍්‍රයා කළ අතර දිනමිණ, සිංහල ජාතිය, සිංහල බෞද්ධයා වැනි සිංහල පුවත් හරහා මලයාම් හා දෙමල මුස්ලිම් ජාතිකයන් නිර්ධය ලෙස විවේචනය කිරීමට එකළ සිංහල බෞද්ධ සමාජය කටයුතු කළේය.

පෘතුගීසීන්ගෙන් පසු එළැඹෙන ලන්දේසි යුගයද දෙමල මුස්ලිම්වරුන්ට යහපත් නොවීය. හේතුව ඔවුන්ගේ පාරම්පරික වෘත්තිය වූ වෙළෙඳාමට ලන්දේසීන් අවහිර කිරීමයි. ඒ තත්ත්වය වෙනස්වන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදීය. වෙළෙඳාම සඳහා මහා පරිමාණයෙන් ඉඩ ප්‍රස්ථා විවර වන්නේ ද ඒ යුගයේදීය. බ්‍රිතාන්‍යයන් ආනයන අපනයන වෙළෙඳාමේදී තමන් අත තබාගත්තේ තෝරාගත් අංශ කිහිපයක් පමණය. අනෙක් අංශවල වෙළෙඳාමේ නිරතවීමේ අයිතිය ඒ ගැන උනන්දුවක් දක්වන වෙනත් අයට දුන්නේය. සිංහලයන් වෙළෙඳාමට නැඹුරු වූයේද වතු ආර්ථිකයක් ඇතිවීමත් සමගය. එහෙත් ඔවුන් වෙළෙඳාමට අධුනිකයන් වූ නිසාත් වෙළෙඳාම දෙමල මුස්ලිම්වරුන්ගේ ඇ‍ඟේ තිබුණු දෙයක් වීම නිසාත් ස්වදේශීය වෙළෙඳුන් අතර ප්‍රමුඛ තත්ත්වයක් හිමිකර ගත්තෝ දෙමල මුස්ලිම් වෙළෙන්දෝය. 

එහෙත් ආගමික හේතු නිසා දෙමල මුස්ලිම්වරුන් අරක්කු වෙළෙඳාමට අත නොගැසීම හේතුකොට ගෙන අරක්කු වෙළෙඳාමේදී පමණක් සිංහල වෙළෙන්දෝ ප්‍රමුඛ වූහ. 

දෙමල මුස්ලිම්වරු අධ්‍යාපනය නොවැදගත් කොට සැලකූ අතර වැදගත් කොට සැලකුවෝ වෙළෙඳාමය. එහෙත් සිංහලයන් සේ ම, ඊටත් වඩා මැලේ මුස්ලිම්වරු අධ්‍යාපනය වැදගත් කොට සැලකූහ. 

උතුරේ හින්දු දමිළයන්ට දියුණුවීමට ඒ ප්‍රදේශවල ව්‍යාපාරික මාර්ග විවෘත නොවීම ඔවුහු දියුණුව කරා යන ප්‍රධාන මාර්ගය බවට පත්කරගත්තෝ අධ්‍යාපනයයි. 20 සියවස ආරම්භ වනවිටත් මහා පරිමාණ වෙළෙඳ කටයුතුවල යෙදී සිටියේ සිංහල හා දෙමළ පුද්ගලයන් කිහිපදෙනෙකු පමණය. මහා පරිමාණයේ වෙළෙඳාම යුරෝපීයයන්ට, විවිධ ඉන්දියානු ජාතිකයන්ට හා දේශීය වශයෙන් දෙමල මුස්ලිම්වරුන්ට සීමාවූ දෙයක් වී තිබුණි. සිංහල වෙළෙඳුන්ගෙන් බහුතරය සිල්ලර වෙළෙඳාමේ යෙදුනු සුළු වෙළෙන්දෝ වූහ. යු‍රෝපීයයන්ගේ වෙළෙඳ කේන්ද්‍රය පිහිටා තිබුනේ කොළඹ කොටුවේය. යුරෝපීය නොවන වෙළෙඳ කේන්ද්‍රය පිහිටා‍ තිබුණේ පිටකොටුවේය. පිටකොටුව වෙළෙඳාමේ අධිපත්‍යය හිමිකරගෙන සිටියෝ හෙට්ටි වෙළෙන්දෝ හා දෙමල මුස්ලිම් වෙළෙන්දෝය.

වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හිමි කරගෙන සිටි ආධිපත්‍යය සිංහල බෞද්ධ වෙළෙඳුන්ගේ ඊර්ෂ්‍යාවට සේ ම විරෝධයටද හේතුවී තිබුණි. වෙළෙඳාම දෙමල මුස්ලිම්වරුන්ගේ ඇ‍ඟේ තිබුණු දෙයක් වීම නිසාත් සිංහලයන් වෙළෙඳාමට අලුතෙන් එකතු වී තිබුණු පිරිසක් වීම නිසාත් වෙළෙඳාමේදී දෙමල මුස්ලිම්වරුන් හා තරඟ කිරීමේ ශක්තියක් සිංහල වෙළෙඳුන්ට නොතිබුණේය. එහෙත් වෙළෙඳ තරඟයෙන් දෙමල මුස්ලිම්වරුන් ඉවත් කොට ඔවුන්ගේ වෙළෙඳාම තමන් වෙත හිමි කරගැනීමේ වුවමනාවක් සිංහල වෙළෙඳුන්ට තිබුණු අතර ඒ නිසා දෙමල මුස්ලිම් විරෝධී මතවාද පතුරුවන ආගමික හා ජාතික ව්‍යාපාරවලට ඔවුහු නිර්ලෝභීව මුදලින් ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමය කළෝය. එය ද 1915 සිංහල මුස්ලිම් කෝලාහලය කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් වීයැ’යි කිව හැකිය. 

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය කිරීටයට එරෙහිව අරඹන ලද ජාතික ව්‍යාපාර පසුකාලීනව සෙසු ජන වර්ග වලට එරෙහි ව්‍යාපාර බවට පරිවර්තනය විය. එය බි‍්‍රතාන්‍යයන් විසින් මෙහෙයවන ලද උපක‍්‍රමයක්ද කියා අදටත් පැහැදිලි නොවේ.

මෙලෙස දිගින් දිගටම ඇතිවන ලද තාඩන පීඩන හේතුවෙන් දෙමල මුස්ලිම් ජාතිකයන්ද සමාජීය හා දේශපාලන ක්ෂේත‍්‍රය තනි බලවේගයක් බවට පත්වීමේ අඛණ්ඩ උත්සාහයක නිරත විය. ඔවුන්ගේ රැකියාවන් නිදහසේ කරගෙන යාමට නොහැකි වීමත් නිසා 1921 වනවිට දෙමල මුස්ලිම්වරු තමන් වෙනම ජාතියක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. ඔවුන් තව දුරටත් දෙමළ ජනකොටසට අයිති නොවන බවත් ලංකා මූර් හා ලංකා මැලේ ලෙස ජාතින් දෙකට හා භාෂා දෙකට අයත් ප්‍රජාවක් වශයෙනුත් බෙදීමකට ලක් විය.

( යෝනක හෙවත් මරක්කල ලෙස හදුන්වන ව්‍යවහාරයේ පොදුවේ දෙමල බස කතාකරන මුස්ලිම් ප්‍රජාව ලංකා-මරක්කල ලෙසද, මැලේ හෙවත් ජාවා බස කතා කරන මුස්ලිම් ප්‍රජාව ලංකා-මැලේ ජාතිකයින් ලෙස වර්ග කෙරේ.)


Friday, February 8, 2019

වටලප්පන් ලාංකික මැලේවරු සේම සිංහල ජනතාව ද එහි ගැබ්වී ඇති ප්‍රණීත රසය හේතුවෙන් ඉතා ආශාවෙන් අනුභව කරන ජනප්‍රිය අතුරුපසකි

එය මැලේවරුන් විසින් අපට දායද කරන ලද ඔවුනට ආවේණික ප්‍රධාන අතුරුපසකි. 'සිර්කායා' (Srikaya or serikaya) යනුවෙන් මැලේ බසින් හැඳින්වෙන 'වටලප්පන්' යනුවෙන් අප දන්නා මෙම අතුරුපස වර්ගය 4 - 6 අතර පිරිසකට සරිලන සේ සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පහත සඳහන් වේ.

1. බිත්තර 12 ක්‌.

2. කුඩුකරන ලද පිරිසිදු හකුරු කෝප්ප 02 ක්‌ හෝ පිරිසිදු කිතුල් පැණි බෝතල් 1/2 ක්‌.

3. පොල්කිරි කෝප්ප 01 ක්‌.

4. සාදික්‌කා කුඩු තේ හැඳි 1/4 ක්‌.

5. බැද කුඩුකරන ලද කරදමුංගු, කරාබුනැටි සහ කුරුඳු ස්‌වල්පය බැගින්.

6. වැනිලා තේ හැඳි 1 1/2 ක්‌.

Watch our Video - 

Sri Lankan Famous Gems



සුදුසු බඳුනකට බිත්තර සුදුමද වෙන්කොට දමා මෘදු ලෙස හොඳින් ගසාගන්න. බිත්තර කහමද, හකුරු, පොල්කිරි එක්‌කොට බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍රකර ගන්න. එම මිශ්‍රණයට බිත්තර සුදුමද සාරය එක්‌කොට, කුළුබඩු වර්ග ද දමා හොඳින් මිශ්‍රකොට සුළු වේලාවක්‌ තබන්න. අනතුරුව ඊට වැනිලා ප්‍රමාණය ද එක්‌කරන්න. මෙකී මිශ්‍රණයෙන් සුසැදි පුඩිම ළිපේ තබා විනාඩි 45 ක්‌ පමණ තම්බාගන්න. එය නිවෙන්නට තබා පදමට සැකසුනු පුඩිම සුදුසු පිහියකින් තීරුවලට සලකුණු කරගන්න.

මෙය විශේෂයෙන්ම මැලේ ජාතික මුස්ලිම් භක්‌තිකයන් විසින් ඔවුන්ගේ ආගමික උත්සව අවස්‌ථාවන්හිදී අනිවාර්යයෙන්ම භාවිත කරන ප්‍රණීත ඉතා ජනප්‍රිය අතුරුපස වර්ගයකි. පසුගියදා පැවැත්වුණු වාර්ෂික රාමසාන් උත්සව අවස්‌ථාවේදී ද මැලේවරුන්ගේ ආහාර මේස සැරසූ ප්‍රධාන අතුරුපස වූයේ 'සිර්කායා' හෙවත් වටලප්පන් ය.



Like our Page - Sri Lankan Muslims


.Subscribe to our Channel - NAC

රාවය පුවත් පතේ පළ වු මුස්ලිම්වරුන්ගේ මලගෙදරක සරල බව...

සරල පන්නයේ ඉළව් ගෙයක අත්දැකීමක් ලද් දෙමි. 

පැය විසි හතරක් යන්නටත් මත්තෙන් සියල්ල අවසන්ව මෘත කළේබරය මිහිදන් විය.


නිදි මැරිලි, බූරුවා ගැහිලි, කැරම් බෝඞ්, අහලකටවත් වද්දා ගැනීමක් නොවුණි.

සහභාගිත්වයේ අඩුව ඇරුණු කොට කිසි අඩුවක් නැත.

Watch our Video -  Makkah in 2020, Insha Allah

මා මිත්‍රයාට අනුව එය සිය පියාගේ කැමැත්තය.

සිය කැමැත්ත වුව අමරදේවයන්ට සිදු නොවීම අභාග්‍යයකි.

එය වෙනම කරුණකි. ඒ කතාබහ අතර සැමගේ පොදු නිගමනය වූයේ ඉස්ලාම් ක්‍රමයට වත්පිළිවෙත් පිළිපැදීම කාලෝචිතම ක්‍රමය බවය.

සැබැවින්ම බලන කල ඉස්ලාම් පෙන්වා දෙන භූමදාන කටයුතු සියල්ලන්ටම පහසුවෙන් කළ හැකිය.

මඟුල් ගෙදරක් තරම් වියදම් යන ඇතැම් අවමඟුල් ගෙවල් දෙස බලද්දී ඉස්ලාම් ක්‍රමය අල්පේච්ඡය.

මුසල්මානු මිත්‍රයෙකු මළගෙදර සාමාජිකයකු වීම හරහාම මේ කතාබතා තවත් ආලෝක විය.

ඔහු දන්නා ලෙස ඉස්ලාමය පෙන්වා දෙනුයේ භූමදානය යනු ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් බවය.

ඔවුන්ට අනුව කෙනකුගේ භූමදානය සිදු කිරීම පවා පුණ්‍ය කටයුත්තකි.

යම් අයෙකුගේ මරණයක් සිදු වූ විට එය භූමදානය කිරීම ගමක සිටින සෑම මුස්ලිම්වරයකු වෙනුවෙන්ම අනිවාර්ය කටයුත්තකි.

එය යම්කිසි පිරිසක් විසින් ඉටුකරනු ලැබුවේ නම් එවිට ගමේ වෙසෙන සියල්ලන් එම වගකීමෙන් මිදෙනු ඇත. එසේ නම් සාමුහික ක්‍රියාවලියක් එහි ඇත.

සිංහලයන් ලෙස පළාතෙන් පළාතට විවිධ අවමඟුල් වත්පිළිවෙත් අනුගමනය කළද මුස්ලිම්වරුන් කොයිදිග් භාගයේ සිටියද එය ඉටු කරනු ලබන ආකාරය එකය.

දුගියාට මෙන්ම රජාටද එම නියමය පොදුය.
එයම අගනේය.

මන්ද අවසාන මොහොතේ මිනිසකු ලෙස ලබන බුහුමන එකක්ම වන නිසාය.

උස්පහත්කම් වත් පොහොසත්කම් අත්හළ විට අවසානයේ ඉතිරිව ඇත්තේ නිරුද්ධ සිරුරකි.

එයට මරණින් පසු අත්විය යුතු වටිනාකම එකක්ම නම් එය මිනිස් සිරුරකට දෙන උසස්ම බුහුමන නොවේද?

කොයි ආගමේ වුව වටිනා දෙයක් වේ නම් කාට වුව වටිනාකම් දෙන්නේය.

Watch our Video  

මරණයේ අවසන් කටයුතු පිළිබඳ සාකච්ඡාව වූයේ එබැවිනි.

මුස්ලිම් මිතුරු කතානායකයා වූ මුත් සෙසු සියල්ලෝම ඊට හරස් නොවූහ.

‘අපේ ආගමේ මරණයට පසු ඉටුකරන ක්‍රියාවලියට කියන්නේ ජනාසාවක්.

ඒක ඇති නැති සියල්ලටම එක සමානයි.

ඒ අනුව ඔවුන්ට අයත් වන්නේ නොමැසූ සුදු රෙදිකඩ කිහිපයක් සහ මිනීවළ පමණයි.

මල්වඩම් සහ විදි සැරසිලි කරන්නේ නෑ.

ඒ වගේම මුස්ලිම් අයකු මියගියාම විශාල කාලයක් නිවසේ තබාගන්නේ නැහැ.

එම මරණය වහාම භූමදානය සඳහා සූදානම් කළ යුතුයි.

ඒ අනුව එම්බාම් කිරීම තහනම්.

එපමණක් නෙවෙයි කිසිම සිරුරකට සීරීමක්වත් නොකළ යුතුයි.

නිකමට හරි එහෙම දෙයක් වුණොත් එය අපි සලකන්නේ ඔහු ජීවතුන් අතර සිටියදී කළ හිංසනයකට සමාන ලෙසයි.

ඒ නිසා විශේෂිතම හේතුවකට හැර මිනිය කැපීමකට භාජනය කළ නොහැකියි.’

මෙය සිංහලයකුගේ කැමැත්ත නොවිය හැකිය.

එහෙත් තවත් ආගමක වත්පිළිවෙතක් හඳුනාගැනීම වරදක්ද නොවිය හැකිය.

මුස්ලිම්වරයකුගේ මරණය වූ පසු ඔවුන්ද ඥාතීන්ට සහ හිතමිතුරන්ට දැනුම් දීම කරනු ලැබේ.
එය කාගෙත් පොදු දෙයකි.

ඉන්පසු දේහය භූමදානයට පෙර ජලයෙන් නාවනු ලැබේ.

පසුව සුදු රෙදිකඩ තුනකින් ඔතනු ලැබේ.

සෑම දේහයක් සඳහාම දේව මෙහෙයක් සිදු කරනු ලැබේ.

එම දේහය සඳහා අල්ලාගෙන් ප්‍රාර්ථනා කරනු ලැබේ.

මෙය සාමුහිකව සිදුකරනු ලබන සලාතයක් මඟින් සිදු කෙරෙයි.

ජනාසාවක් (මරණයක්) භූමදානය කිරීම සඳහා තම ඥාතීන් සහ හිතමිතුරන් විසින් දෑතින් ඔසවා ගෙන යෑම සාමාන්‍ය ක්‍රමය වුවත් සුසාන භූමිය නිවසින් ඉතා දුරක පිහිටා ඇත්නම් ජනාසාව වාහනයකින් රැගෙන යා හැකිය.

මේ සඳහා සාමාන්‍ය ට්‍රක් රථයක් යොදාගැනේ.

ඉතිරිය වන විදියද අපූරුය.

මුස්ලිම්වරයකුගේ දේහය ආදාහනය කරන්නේ නැත.

එසේම කිසිවකුගේ සොහොන ස්ථිර බැමිවලින් බැඳීමක්ද නැත.

එම නිසාම ටික කලකින් එම ස්ථානයේ තව දේහයක් තැන්පත් කළ හැකිය.

මේ නිසා මුස්ලිම් දේවස්ථානවල ඉඩකඩ ප්‍රශ්නයද ප්‍රශ්නයක් නොවී ඇත.

තවත් සුවිශේෂීතාවක් නම් සුසාන භූමිය වෙත දේහය ගෙනයෑමේදී කාන්තාවන් සහභාගී නොවීමය.

එය තනිකරම පිරිමින් සතු කාර්යයකි.

දේව මෙහෙය ඉටුකළ පසු සොහොන් පිටිය දක්වා දේහය ගෙන යෑමේදී නිශ්ශබ්දතාව රැකීම මූලිකාංගයකි.

දේහය මිහිදන් කළ පසු එම දේහය සඳහා අල්ලාගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.

එය තනි තනිව සිදුකළ යුතුය.

ගුණ වැයීම් තහනම් වන නමුත් අවශ්‍ය වුවහොත් පැමිණ සිටින අය වෙනුවෙන් දෙසුමක් කිරීමේ හැකියාවද පවතින බව පැවසේ.

මුස්ලිම්වරුන්ගේ සොහොනක් වෙනුවෙන් ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම් තහනම්ය.

එසේ ස්ථිර සලකුණු හෝ පුවරු සවිකිරීමද වරදකි.

පොළොව මට්ටමට වඩා සොහොන මත පස් උස්සා තැබිය නොහැකිය.

බූරුවා, කැරම්, ඕමි නැති ඉළව් ගෙයක කතාබහ ගලාගියේ මරණය ගැනමය.

එයද අපූරුය.

අන් ආගමිකයන් අන් ජාතීන් සැබැවින්ම රටක අපූරු සංකලනයකි.

ඒ සංස්කෘතීන් වත්පිළිවෙත් බෙදාගැනීම වෙනම මානයන්ට දොරගුළු ඇරීමකි.

එයින් ඇතුළු වී එබිකම් කිරීම අපූරුය.

මන්ද සුළුවෙන් හෝ දෙයක් දැකිය හැකිය..

( සමීර රාජපක්‍ෂ )
රාවය පුවත් පතෙන් උපුටාගත් ලිපියකි...



Like our Page - Sri Lankan Muslims


.Subscribe to our Channel - NAC

இலங்கையின் இளம் ஆளுமை ரஸ்னி ராஸிக்கின் அர்ப்பணிப்புகள் பற்றி ஒரு பார்வை..

2017ஆம் ஆண்டுக்கான இலங்கையின் மதிப்புமிக்க 10 இளம் நபர்களுள் ஒருவராக தெரிவு செய்யப்பட்டவர்தான் ரஸ்னி ராஸிக். குழந்தைகள் பராமரிப்பு உலக அமை...